‘හෘද සාක්‍ෂියේ නිදහස’ ඇතිවෙයි.. 16 කණ්ඩායමේ රට වටා රැස්වීම් අතරමග නවතී.. - Neth News Blog

Jul 14, 2018

‘හෘද සාක්‍ෂියේ නිදහස’ ඇතිවෙයි.. 16 කණ්ඩායමේ රට වටා රැස්වීම් අතරමග නවතී..

ඇමති ධුරවලින් ඉවත් වී විපක්‍ෂයය එක් වු 16 දෙනා විසින් ‘හෘද සාක්‍ෂියේ නිදහස’ නමින් ආරම්භ කර තිබූ ජනහමු මාලාව අවසන් කර තිබේ.

මෙම ජනහමු මාලාව ආරම්භ කරන ලද්දේ රට පුරා රැස්වීම්ම පැවැත්වීමට
වුවද දෙකක් පමනක් පැවැත්වීමෙන් පසු එම වැඩපිලිවෙල අවසන් කර දමා ඇත.

එකී රැුස්වීම් මාලාවේ පලමුවැන්න මාතරදී පැවැති අතර දෙවැන්න මාතලේදී පැවැත්වීය.

දැන් 16 කණ්ඩායම කියා වෙනම කණ්ඩායමක් නැති නිසා එසේ වෙනම රැලි පැවැත්වීමේ උවමනාවක් නැති නිසා එම රැළි මාලාව නවතා දැමූ බව එම කණ්ඩායමේ මන්ත‍්‍රිවරයෙක් පැවසීය.