රට සංවර්ධනය කරන්න කළින් ජාතින් අතර මෙන්ම දේශපාලනික සංහිදියාවක් ඇති කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
හොරණ රෝහල් පරිශයේ පෙරේදා (10) පැවති උත්සවයකදී එම කාරණය
අවධාරණය කල ඇමතිවරයා, තවදුරටත් මෙසේද පැවසිය.
''බලය බෙදන්න මම එකගයි. එය පුළුල් වශයෙන් බෙදන්නත් මම එකගයි. මාර සේනාව ආවත් මෙම ක්‍රියාවලිය මම නවත්වන්නේ නැහැ.
මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යු පාර්ක් ජුන්, රට සංවර්ධනය කරන්න කළින් කළේ සංහිදියාව හොදින් හෝ නරකින් ඇති කරපු එක. රට සංවර්ධනය කරනවා නම් දේශපාලන සංහිදියාවත්, ජාතීන් අතර සංහිදියාවත් ඇති කළ යුතුමයි.”
රාජපක්ෂලා හොර පාරෙන් ගත්ත ණය:
පසුගිය ආණ්ඩුව ණය ගත් ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් සෞඛ්‍ය ඇමතිවරයා මෙම උත්සවයේදී මෙසේද සඳහන් කළේය.
“පසුගිය ආණ්ඩුව ණය අරගෙන තිබුනා. ඔවුන් කළේ ලෝක බැංකුවෙන් හරහා ණය ගන්න එක නෙවෙයි. එන්.එස්.බී, ලංකා බැංකුව, මහජන බැංකුව යන බැංකු හරහා ණය අරගෙන ඒවා රජයට දුන්නා. මෙහෙම ණය ගන්න කොට භාණ්ඩාර බිල්පත්වල ඒවා ලියවෙන්නේ නැහැ. විදේශ ආයෝජන ගත්තේ නැහැ. මේවා හොර පාරෙන් ගත්ත ණය. හැබැයි අපි හොර පාරෙන් ණය අරගෙන නැහැ මේ රට සංවර්ධනය කරන්න.''
Jun 11, 2018
''සංවර්ධනයට දේශපාලන සංහිදියාව අත්‍යාවශ්‍යයි'' - රාජිත
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide





