දුමින්ද දිසානායක මහතා මහ ලේකම් තනතුරින් ඉවත් කිරීම විශාල ජයග්‍රහණයක් බවත්, ඔහු ඉවත් වූ පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එකම මතයකට ගෙන ඒමට හැකි වූ බවත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන්
කළේය.
ඊයේ(07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අනුව සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මීයට නියෝජ්‍ය කථානායක ධුරය ලබාදීමට කටයුතු කරන ලෙසට දෙදෙනාම තම කණ්ඩායම් නියෝජිතයන්ට උපදෙස් ලබාදී තිබූ බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් ගෝලයෝ කිහිප දෙනෙකු ප්‍රාදේශීය දේශපාලන බලයක් ගැන සිතා වෙන වෙන තීරණවල සිටි බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
දුමින්ද දිසානායක මහතා පක්ෂ මහලේකම් තනතුරේ සිටියදී සිදුකළ වැඩ කිරීමට ගියහොත් ලැබී තිබෙන ජාතික සංවිධායක ධුරයත් අහිමි වී යන බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මීයට නියෝජ්‍ය කථානායක ධුරය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිවකු හෝ ප්‍රනාන්දු පුල්ලේ මහත්මීය ඡන්දය ලබාදීමට ඉදිරිපත් නොවීම විශේෂ කාරණයකි.
Jun 7, 2018
''මෛත්‍රී හා මහින්ද එකම මතයකට ආවා'' -ඩිලාන්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
