''බැඳුම්කර වාර්තාවේ මැති ඇමැති 118ක් ගැන නෑ'' - නීතිපති - Neth News Blog

Jun 5, 2018

''බැඳුම්කර වාර්තාවේ මැති ඇමැති 118ක් ගැන නෑ'' - නීතිපති

මැති ඇමැතිවරුන් 118 දෙනකුගේ ලයිස්තු‍වක් පිළිබඳව කොමිසන් සභා වාර්තාවේ කොතනකවත් සඳහන් වන්නේ නැති බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පැවසීය.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීමෙන් සිදුකරගෙන යනු ලබන විමර්ශන සඳහා බාධාවක්
ඇතිවන්නේ නැති බැවින් එම ලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීමේ නීතිමය බාධාවක් නොමැති බව කතානායක කරු ජයසූරිය සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහත්වරුන්ට දැනුම් දුන් බවත් නීතිපතිවරයා පැවසීය.

සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමේ නීතිමය තත්ත්වය පිළිබඳව ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපතිවරයාගෙන් විමසීමක් කැර තිබුණි. එබැවින් ඒ මහතාටත්, කතානායකවරයාට ලේඛනයට අදාළ දැනුම්දීම සිදු කළ බවත් නීතිපතිවරයා අවධාරණය කෙළේය.

(දිනමිණ)