විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ඊයේ (02) රාත්‍රී හමුවී සාකච්ඡා කළ ශ්‍රීලනිප පර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 42ක් තීරණය කර තිබේ.
මෙම තීරණය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා
මහතා පැවසීය. ඊයේ රාත්‍රියේදී ගන්නා ලද ඒකමතික තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම සඳහා 42ගෙන් සමන්විත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බවද මේ අතර වාර්තා වේ.
යම් හෙයකින් තමන්ගේ ඉල්ලීමට පිටුපාමින් අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාස භංග විවාදයේදී විශ්වාස භංගයට සහාය දැක්වීමට ද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
ජනපති අද එජාප මන්ත්‍රීලා යළි මුණ ගැසෙයි !
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවැතියේ කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.
Apr 2, 2018
Home
Unlabelled
ශ්‍රීලනිපය අගමැති ඉවත්විය යුතුබවට තීන්දු කරලා !
ශ්‍රීලනිපය අගමැති ඉවත්විය යුතුබවට තීන්දු කරලා !
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
