ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩකයෙක් වන මුත්තයියා මුරලිදරන්ට අතීතය අමතක වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. ඔහුට වැරදි පුද්ගලයන්ගේ උපදෙස් ලැබී ඇති බවත් මුරලිව අවස්ථා කිහිපයකදීම ආරක්ෂා කළ
බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.
ක්‍රිකට් ආයතනයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස්
දැක්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලකයන් විසින් විනාශ කරන බව සඳහන් කරමින් මුරලි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දැඩි ලෙව විවේචනය කළා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ඉහත අදහස් දැක්වූ අතර උප සභාපති මොහාන්ද සිල්වා මහතාද තිලංග සුමතිපාල මහතාගේ ප්‍රකාශය අනුමත කළා.
Apr 20, 2018
මුරලිට අතීතය අමතක වෙලා තිලංග කියයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide