උතුරු පලාතේ ස්ථීර පත්වීම් නොමැති ස්වේච්ඡා ගුරුවරුන් මේ වන විට 500 කට අධික පිරිසක් සිටින අතරම ඔවුගේපත්වීම් ස්ථීර නොවීම හේතුවෙන් එම ගුරුවරුන්ගේ මානසිකත්වය පහත වැටීම හේතුවෙන් සිය දිවි හානි කරගැනීමේ අවධානමකට ලක්ව ඇති බවට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය විසින් පෙන්වා දෙයි.
ඊට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මුලතිව් තට්ටන්කුලම් පාසලේ
ස්වේච්චා ගුරුවරියක්ගේ නම ස්ථීර පත්වීම් ලබා දුන් ලැයිස්තුවට ඇතුලත් නොවීම හේතුවෙන් ගෙල වැලලාගෙන මිය ගිය බවට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය විසින් පෙන්වා දෙයි.
උතුරේ රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් 686 දෙනෙකු සේවය කල අතර පසුගියදා ඉන් 182 කට ස්ථිර පත්වීම් ලබා දී තිබුණද ස්ථිර පත්වීම් නොලද පිරිස අතර වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන්ද සිටින බැවින් ස්ථීර පත්වීම් ලබා දීමේදී එම ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට පෙන්වා දෙයි.
මේ අතර උතුරේ ස්ථිර පත්වීම් නොලැබූ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් යාපනයේදී ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා හමු වී අදාල ගැටලුව පිළිබඳව සාකච්ඡා කොට එහිදී මන්ත්‍රීවරයා එම පිරිසට පවසා ඇත්තේ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන බවටයි.
එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ස්වේච්ඡා ගුරු ගැටලුව පිළිබඳව පවසා තිබුණේ ස්ථිර පත්වීම් ලබා නොදුන් පිරිසගේ සහතික හා ලොග් සටහන් යළි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බවය.
නමුත් උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියා සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයා ස්ථිර පත්වීම් අහිමි වූ පිරිසගේ සිත් සතුටු කිරීම සඳහා පමණක් එම ප්‍රකාශය කළ බවයි.
වසර ගණනාවක් රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරු සේවයේ යෙදුණු සියලුම දෙනා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටින සියළුම සුදුසුකම් සපුරා ඇති නිසා ඔවුන්ගෙන් පිරිසක් ස්ථිර කොට තවත් පිරිසක් ස්ථිර නොකිරීම බලවත් අසාධාරණයක් යැයි උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංඟමය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Apr 20, 2018
ගුරුවරුන් 500කට වැඩි පිරිසක් සිය දිවි හානි කර ගැනීමේ අවධානමක්..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide