මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි පවත්වනු ලබන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායම භාරව පිටත් කර හැර ඇති වෛද්‍යවරියක සම්බන්ධ කසුකුසුවක් ක්‍රීඩා අමාත්‍යංශය තුළ රැව් පිළිරැව් දෙන බව වාර්තාවේ.
සාමාන්‍ය යෙන් පොදු රාජ්‍ය මණ්ඩල තරග වලදි ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමත වෛද්‍යවරයෙකු අනුයුක්ත කරන අතර ඒ සඳහා මාස ගණනක් පෙර සිට අනුමැතිය ලබාගැනීමේ ක්‍රමවේදයක්ද පවතී. ඒ අනුව මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍යවරයෙකු නම් කර තිබී ඔහුට ඔලිම්පික් කමිටුවේ අනුමැතියද ලැබී ගුවන් ගමන් ටිකට් පත්ද වෙන් කර තිබූ අවස්ථාවක අමාත්‍යංශයේ මෙම ගමනට සහභාගීවන වෙනත් ඉහළ නිලධාරියෙකු එම කාර්ය සඳහා කිසිදු කමිටුවක අනුමත නොවුණ තමන් හදවතින් ළංව සිටින වෛද්‍යවරියක සහභාගී කරන්නට කටයුතු කර තිබේ. ඒ සඳහා ඇමතිවරයා ලවා විශේෂ ලියුමක් සකස්කර නම් කළ වෛද්‍යවරයාගේ ටිකට් පත් අවලංගු කරවාගෙන අදාළ වෛද්‍යවරියගේ නම ඒ වෙනුවට යොදන්නටද අදාළ ඉහළ නිලධාරියා කටයුතු කර ඇත.
මින් ඉහත අවස්ථාවකත් රජයේ වියදමින් සමුළුවක් සඳහා ඔස්ට්‍රේලියානු සංචාරයක් යාමේදී සියලු නිලධාරීන් එය අවසන්ව සියරටට පැමිණි පසු අදාළ වෛද්‍යවරිය සහ මෙම නිලධාරියා යන දෙදෙනා පමණක් සමුළුව අවසන්වී අමතර දින ගණනක් ඒරටේ නතරවී ස්ථාන ගණනාවක විනෝද සංචාරයන්හි නිරතවී පැමිණි බවද වාර්තා වන අතර ඒ සඳහා වැයවූ රජයට අයත් විශාල මුදල ගැන ප්‍රශ්නයක්ද මතුව ඇත.
Apr 10, 2018
පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියට ලංකාවෙන් සොර අඹුවක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
