ශ‍්‍රීලනිප නෑ කියා කිසි අවුලක් නෑ.. තනිවම ආණ්ඩුව ගෙනියන්න පුළුවනි.. ශ‍්‍රීලනිප කැබිනට් වර්ජනය නොතකා රැස්වූ එජාප කැබිනට් මණ්ඩලය කියති.. - Neth News Blog

Apr 10, 2018

ශ‍්‍රීලනිප නෑ කියා කිසි අවුලක් නෑ.. තනිවම ආණ්ඩුව ගෙනියන්න පුළුවනි.. ශ‍්‍රීලනිප කැබිනට් වර්ජනය නොතකා රැස්වූ එජාප කැබිනට් මණ්ඩලය කියති..

ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැතිව වුවද කැබිනට් මණ්ඩලය රැස්වූ බව ඊට එක්වූ එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කියා සිටිති.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නැතැයි කියා ආණ්ඩුව ගෙන යාමට කිසිදු

ප‍්‍රශ්නයක් නැති බවද ඔවුහු පැවසූහ.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ගන්නා ලද තීරණයක් අනුව එම පක්‍ෂයේ කිසිදු ඇමතිවරයෙකු ඊයේ පැවති කැබිනට් හමුව සදහා සහභාගී නොවීය.