මාර්ග බලපත්‍ර රහිතව බස් ධාවනය කිරීමේ වරදට දඬුවම වන රුපියල් 10,000ක් වූ දඩය රුපියල් ලක්‍ෂ 2ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, එම නීතිය හෙට අනිද්දාම සම්මත කරගන්නා බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පෞද්ගලික බස්රථ නියාමනයේදී උතුරු පළාත් සභාව එක්තරා ආකාරයක නීති කඩන ස්වරූපයක් දක්නට ලැබෙන බවත්, අන්තර් පළාත් බස්රථ ධාවනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබානොගෙන බස් ධාවනය තහනම් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තමන්ගේ අතේ හයිය සහ ඇඟේ හයිය පාවිච්චි කර බලපත්‍ර රහිත බස් රථ 70ක් පමණ ධාවනය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ සඳහා දඩය රුපියල් 10,000 ගෙවා පසුවදාත් එම වරදම සිදු කරන බවත්, ඒ නිසා බස් රථ ධාවනය විධිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතය නව දඩ ක්‍රමය සඳහා ලබාගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.
රුපියල් ලක්‍ෂ 1,950ක වියදමින් වවුනියාව නගරයේ ඉදිකළ නව බස්නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කෙළේය.
Jan 20, 2017
ලක්ෂ දෙකේ බස් දඩයක් ළගදීම
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
