විදුලිබල අමාත්‍යාංශය මගින් මේ වසරට අදාළව නැවත වරක් දූෂිත අන්දමින් ගල් අඟුරු ආනයනය කිරීමට සැරසෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ ගල් අඟුරු මෙ.ටො 1 සඳහා අමෙරිකානු ඩොලර් 10ක වැඩි ගෙවීමකින් ආනයනයට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව මේ ගනුදෙනුව හරහා මෙ.ටො. 60,000 - 64,000 ආනයනය කිරීමට සැලසුම් කර ඇත. පසුගිය වසරේද මෙවන් ගනුදෙනුවක් තුළින් ලංකාවට අහිමී වූ මුදල රුපියල් මිලියන 4,145,43 ක් බව එම නිවේදනයේ සඳහන් වේ
එම පුවත්පත් නිවේදනය පහතින්,
කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අගුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත.
නැවත ඇරඹී ඇති ගල් අගුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. පළමු ගල් අගුරු නැව මගින් මෙට්‍රික් ටොන් 60,000 – 64,000 දක්වා ප්‍රමාණයක් ගල් අගුරු ගෙන්වීමට නියමිතය. පසුගිය සතියේ දී මේ සදහා ණය (එල්.සී.) ලිපි විවෘත කොට ඇත.
කැෆේ සංවිධානය මෙම දුෂිත ගනුදෙනුව නැවත ඇරඹීම පිළිබදව 2017 ජනවාරි 4 දින ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රමුඛ ශේෂ්ඨාධිකරණය විසින් ‘මහජන මුදල් සම්බන්ධ බැවින් හෘර්ද සාක්ෂිය කම්පා කළ බව‘ කියු නඩු තීන්දුව මගින් ද, 2016 දෙසැ. 30 දින විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අගුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් උක්ත ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ‘ශුන්‍ය සහ බල රහිත‘ බව නිගමනය කොට ඇත. මේ වන විට මේ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ සුරේන් බටගොඩ ලේකම්වරයා ඇතුළු පිරිසට එරෙහිව ‘පොදු යහපතට සම්බන්ධයෙන්‘ නඩුවක් විභාග වේ.
2016 දෙසැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාව අනුව, ඔබතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ‘යහපාලන රජය යටතේ‘ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය.
මාස ගණනාවක් අතහැර දමා තිබූ ගල් අගුරු ගෙන්වීමට එජාප - ශ්‍රීලනිප දේශපාලනඥයින් තිදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇත.
දුෂණ විරෝධී පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලට කුමක් වූවේ ද යන්න විමසා අද ‘අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලිපියක් ද යොමු කර ඇත.
පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සභාපති/දුෂණ විරෝධී පෙරමුණ
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
2017 ජනවාරි මස 17
Jan 17, 2017
ගල් අඟුරු වලින් යළි ගසාකෑමේ තැතක්
Tags
# Enghish News
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
hot news,
Sinhala News
