එජාපය හදිසියේ රැස්වී ගත් තීරණය මෙන්න - Neth News Blog

Jan 4, 2017

එජාපය හදිසියේ රැස්වී ගත් තීරණය මෙන්න

වර්තමාන ආණ්ඩුව පත්වී ගෙවීගිය වසර දෙකක කාලය තුළදී රටට හා ජනතාවට සිදුකළ සේවය ගැන ජනතාව දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

අද (04) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව රටට කොතෙක් වැඩ කටයුතු කළද, ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම රටතුළ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු පවසා සිටියේය.