පානීය ජල ගැටළු හා නියං තත්ත්වයෙන් පීඩා විඳින්නේනම් 117ක් දුරකථන අංකයට දැනුම්දිය යුතු බවත්, එම අංකය පැය 24 පුරාම සක්‍රීයව පවත්නා බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට වියළි කාලගුණ තත්වය හේතුවෙන් දිසුත්‍රික්ක 9 ක පුද්ගලයින් එක් ලක්ෂ හතලිස් නව දහස් පන්සිය අනූඅට දෙනෙක් පීඩාවට පත්ව තිබේ.
දැඩි වියළි කාලගුණික තත්ත්වය හා නියං ගැටළු හේතුවෙන් පානීය ජල ගැටළු උද්ගතව ඇති බවත්, ඇතැම් ප්‍රදේවල නළ ජලයට ලවණ මුසුවීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියාන්ත කොඩිප්පිලි මහතා කියා සිටියි.
සති කිහිපයකට කලින් පෙර සූදානම් වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත්, එසේ වුවද ත්‍රීකුණාමලය, මහනුවර,ගම්පහ,හම්බන්තොට.මොණරා
ගල,බදුල්ල, අනුරාධපුර, යාපනය,මන්නාරම ඇතුළු දිස්ත්‍රීක්ක කිහිපයකම ජල ගැටළු වාර්තාවී ඇති බවත් ඔහු සඳහන් කළේය.
පානීය ජල ගැටළු ඇති ස්ථානවල ජලාපවාහන මණ්ඩලය, දිස්ත්‍රීක් ලේකම් කාර්යාල හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණයෙන් යුතුව සහන කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ඊට අනුබද්ධ සියලුම ආයතනවල දිස්ත්‍රීක් නිලධාරීන් දැනුවත් කර ඇති බව පෙන්වා දුන් කොඩිප්පිලි මහතා ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ජනයාගෙන් ඉල්ලීමක් කර සිටියි.
Jan 16, 2017
නියගයෙන් පීඩා විදින්නේ නම් 117 ට කියන්න
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
