කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුකොටගෙන විශේෂ රථවාහන සැලැස්මක් ඊයේ (03) සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් රථවාහන කොට්ඨාසය තීරණය කර ඇත.
එළැඹෙන 06 වැනිදා සිට මෙම නවීකරණ කටයුතු සිදුකරන බැවින් යෝජිත ගුවන් කාලසටහනට අනුව විශාල මගීන් සංඛ්‍යාවක් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන නිසා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසන්නීය.
ඒ අනුව අදාළ රථවාහන සැලැස්ම ඊයේ (03) සිට ලබන අප්‍රේල් 06 වැනිදා දක්වා සවස 3.00 සිට පසුදා උදෑසන 9.00 තෙක් සිදු කිරීමට නියමිතව ඇත.
අදාළ රථවාහන සැලැස්ම පහත සඳහන් ලෙස ක්‍රියාත්මක වේ.
01 අධිවේගී මාර්ගය 18 කණුව, කොළඹ හා හලාවත දෙස සිට පැමිණෙන වාහන අධිවේගී මාර්ගයේ 18 කණුව, කොළඹ හා හලාවත දෙසින් ගුවන්තොටුපොළට පැමිණෙන වාහන ගුවන්තොටුපොළ ප්‍රධාන දොරටුවෙන් ගේට්ටු අංක 40න් ඇතුළු වී පරණ පී.වී.ජී. පර්යන්තය හරහා පිටවීමේ හා පැමිණීමේ පර්යන්තවලට ගමන් කළ හැකිය.
අධිවේගී මාර්ගය ඔස්සේ 18 කණුව සිට මිනුවන්ගොඩ කුරුණෑගල දෙසට ගමන් කරන වාහන කේ2 හන්දියෙන් ඇවරිවත්ත නගරය දෙසට හැරී මල්ගස්හන්දිය, කෝවින්න මාර්ගය, ආඩිඅම්බලම පල්ලිය හන්දියෙන් මිනුවන්ගොඩ දෙසට හෝ හීනටියන යාගොඩමුල්ල මාර්ගයෙන් මිනුවන්ගොඩ දෙසට ප්‍රවිශ්ට වී ගමන් කිරීමට හැකිය. (එම වාහන සඳහා කටුනායක නයිකන්ද මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවකාශ නොමැත.)
ගුවන්තොටුපොළේ සිට අධිවේගී මාර්ගය 18 කණුව දෙසට පිටවී යන වාහන ගුවන්තොටුපොළ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුවෙන්ම නැවත පිටවීමට හැකිය.
ගුවන්තොටුපොළේ සිට මිනුවන්ගොඩ දෙසට පිටව යන වාහන ගුවන්තොටුපොළේ පිටවීමේ දොරටු අංක 01 සහ 02 පිට වී නයිකන්ද හරහා මිනුවන්ගොඩ දෙසට ගමන් කිරීමට හැකිය.
මිනුවන්ගොඩ දෙස සිට පැමිණෙන වාහන
මිනුවන්ගොඩ, ගම්පහ හා කුරුණෑගල දෙස සිට ගුවන්තොටුපොළට පමණක් පැමිණෙන වාහන ආඩිඅම්බලම නයිකන්ද මාර්ගයේ ගුවන්තොටුපොළට පැමිණ ගේට්ටු අංක 37 න් ඇතුල් වී පැමිණීමේ හා පිටවීමේ පර්යන්තවලට යා හැකිය.
මිනුවන්ගොඩ, ගම්පහ, කුරුණෑගල දෙස සිට කටුනායක අධිවේගී මාර්ගයට 18 කණුව දෙසට ගුවන්තොටුපළට ගමන් නොකරන වාහන කොළඹ කුරුණෑගල යාගොඩමුල්ල හන්දියෙන්ද පීල්ලවත්ත කුරුස හන්දියෙන් හැරී මාදුව මල්ගස් හන්දිය මාර්ගයෙන් හා ආඩිඅම්බලම හන්දියෙන් හරවා කෝවින්න මල්ගස් හන්දිය මාර්ගයේ ඇවරිවත්ත නගරය හරහා සීදූව අධිවේගී මාර්ගය 18 කණුව දෙසට ගමන් කිරීමට හැකිය.
ආයෝජන ප්‍රවර්ධන කලාපයට ඇතුළුවන වාහන
අමන්දොළුව සිට පැමිණෙන වාහන කටුනායක පොලිසිය ඉදිරිපිට ප්‍රධාන දොරටුවෙන් හා ආයෝජන ප්‍රවර්ධන කලාප අංක 03 දොරටුවෙන් ඇතුළු විය හැකිය.
මිනුවන්ගොඩ, ගම්පහ, කුරුණෑගල දෙස සිට ආයෝජන ප්‍රවර්ධන කලාප දෙසට ගමන් කරන වාහන කොළඹ, කුරුණෑගල යාගොඩමුල්ල හන්දියෙන්ද පීල්ලවත්ත කුරුස හන්දියෙන් හැරී මාදුව මල්ගස් හන්දිය මාර්ගයෙන් හා ආ¾ඩිඅම්බලම හන්දියෙන් හරවා මල්ගස් හන්දිය, කෝවින්න මාර්ගයේ ඇවරියවත්ත නගරය හා පොලිසිය ඉදිරිපිට ඇති ප්‍රධාන දොරටුව හා කේ 2 හන්දිය හරහා තොරණ හන්දියෙන් ආයෝජන ප්‍රවර්ධන කලාප පළමුවන දොරටුවෙන් ඇතුළුවිය හැක.
ආයෝජන ප්‍රවර්ධන කලාපය සිට පිටවන වාහන
ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළින් පිටවන වාහන ගුවන් තොටුපොල නයිකන්ද මාර්ගයෙන් මිනුවන්ගොඩ දෙසට කිසිසේත් ගමන් කළ නොහැක.
ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළින් පිටවන වාහන මල්ගස් හන්දිය කෝවින්න මාර්ගයෙන් ආ¾ඩිඅම්බලම දෙසින් මිනුවන්ගොඩ හා හීනටියන යාගොඩමුල්ල හන්දියෙන් මිනුවන්ගොඩ දෙසට හා කොටුගොඩ මංසන්ධිය ගම්පහ දෙසට හා ජාඅල දෙසට ගමන් කළ හැක.
මෙම සැලසුමේදී ආඩිඅම්බලම සිට නයිකන්ද ඔස්සේ කටුනායකට ගමන් කරන මාර්ගය ගුවන් තොටුපොළට පැමිණෙන වාහන සඳහා පමණක් ගමන් කිරීමට අවසර ලබාදෙන අතර එහිදීද රථවාහන තදබදයක් ගුවන්තොටුපළ තුළ ඇති වුවහොත් ආඩිඅම්බලම සිට කේ 2 හන්දිය දක්වා මිනුවන්ගොඩ කටුනායක මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා මිනුවන්ගොඩ සිට කොළඹ අධිවේගී මාර්ගය 18 කණුව දෙසට හා ගුවන්තොටුපළ දෙසට පැමිණෙන සියලුම වාහන කෝවින්න මල්ගස්හන්දිය මාර්ගයේ ඇවරියවත්ත නගරයට පැමිණ ගුවන් තොටුපොළට සීදූව හරහා කොළඹ දෙසට අධිවේගී මාර්ගයට 18 කණුව දෙසට යොමු කරනු ලැබේ.
Jan 4, 2017
කටුනායකට විශේෂ රථවාහන සැලැස්මක්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
