ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමේ සූදානමක් - Neth News Blog

Jan 14, 2017

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමේ සූදානමක්

ආරක්ෂක අංශ ප්‍රසම්පාදන කමිටුවක් අලුතින් ඉදිරිපත් කළ මිල ගණන් ලැයිස්තුවකට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන් 42 ක් මෙම මස 31 වැනි දා සිට එම කටයුත්ත අත්හිටුවන බව ඔවුන් දන්වා යවා තිබේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර සැපයීමට 2017 වර්ෂය සඳහා පූර්ව සුදුසුකම් සපුරා තිබියදීත් ප්‍රසම්පාදන කමිටුව නැවතත් වෙනත් මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ඔවුහු සඳහන් කරති.