ආහාර අසුරන රිජිෆෝම් පෙට්ටි හා ලන්ච් ෂීට් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති පරිසර සංරක්ෂණ වැඩසටහන පවසයි.
පරිසර අමාත්‍යවරයාව සිටින අවධියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් භාවිත කළ නොහැකි බවට පනතක් ගෙන ආ බවද එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි ඉන්දුසිරි මහතා පැවසී ය.
මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් භාවිතය තහනම් කිරීමත් සමග පොලිතීන්වල මයික්‍රෝන අගය 20 ට වඩා වැඩි කිරීම සඳහා කැල්සියම් කාබනේට් වැනි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ බවත්, මේ වනවිට එය වෙනත් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ නිසා ලන්ච් ෂීට් හා රිජිෆෝම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ විශේෂ කමිටුවක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව සීනි පැකට් කිරීම සඳහා යොදාගන්නා පොලිතීන් පවා රටට දැඩි හානියක් කරන බවත්, මේ නිසා පොලිතීන් ප්‍රතිචක්‍රිකරණය කිරීමට ක්‍රමවේද සකස් කරමින් සිටින බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.
Jan 6, 2017
ලන්ච් ෂීට් හා රිජිෆෝම් පෙට්ටි තහනම්?
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
