පාර්ලිමේන්තුව විසින් 2017 වසර සඳහා සම්මත කරන ලද අයවැය මඟින් විවිධ අමාත්‍යාංශ හා ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට හඳුන්වාදෙන ලද නව යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලු ම රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.
2017 අයවැයෙන් යෝජිත ඇතැම් යෝජනා අයවැය ඉදිරිපත් කළ එදින රාත්‍රී සිටම ක්‍රියාත්මක වූ අතර, අනෙකුත් බොහෝ යෝජනා ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ වගකිව යුතු අමාත්‍යාංශ හා නියාමන අධිකාරිය වෙත පැවරේ.
ඒ යටතේ භූමිතෙල් ඇතුලුව සීනි, ටින්මාළු, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල දැනටමත් අඩුකර ඇත. බදු ක්‍රමය සරල කිරීම යටතේ නව බදුවලට අදාල අණපනත් 2017.04.01 දින සිට ක්‍රියාත්මක වේ. මෙවර අයවැය ක්‍රියාත්මක කිරීමේ විශේෂත්වයක් වූයේ සමාජයේ විවිධ ජනකොටස් හා ආර්ථිකයට අදාළ විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වූවන්ගේ විවිධ අදහස් ලබාගෙන අයවැය යෝජනාවලට ඇතුලත් කිරීමය.
සංචාරක ක්ෂේත්‍රය බෙහෙවින් වර්ධනය වී එන බැවින් එම ක්ෂේත්‍රයේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන මෙන් සංචාරක ප්‍රවාහන පද්ධතියට අදාල වෘත්තිකයන් විසින් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙම ණය සීමාවන් අදාළ නොවන අතර, ඔවුන්ට 100% ක ණය සහන පදනමෙන් වාහන මිලදී ගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම, ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් නියාමන ක්‍රමයක අවශ්‍යතාවය විශ්වවිද්‍යාල විද්වතුන් විසින් පවත්වන ලද සමීක්ෂණවලින් ඔප්පු විය. ඒ යටතේ, කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් අයවැය මඟින් යෝජනා කරන ලදී. එම යෝජනා යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය (Loan to value ratio) ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අයවැය මඟින් හඳුන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් අනුව, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා නව නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ත්‍රීරෝද රථ මිලදී ගැනීමේදී මෙතෙක් පැවති වටිනාකමින් 10% ක මුදලක් ගෙවා ලබාගැනීමට තිබූ අවස්ථාව වෙනුවට මින් ඉදිරියට වටිනාකමින් 25% ක මුදලක් ගෙවා ත්‍රීරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබාගැනීමට සිදුවනු ඇත. රථවාහන නීති සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් යෝජිත නීති නුදුරේදී සංශෝධනය කිරීමට නියමිත අතර, ත්‍රීරෝද රථ මිලදී ගැනීම සඳහා පනවා ඇති නව ණය සීමාව ත්‍රීරෝද රථ භාවිතය සම්බන්ධයෙන් පාලනයක් ඇතිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මෙම වසරට අයවැය මඟින් යෝජිත ව්‍යාපෘති 325, අදාල රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් නියාමන ආයතන මඟින් ක්‍රමානුකූල සැලසුමක් අනුව ක්‍රියාත්මක කිරීම තහවුරු කරනු වස්, මසකට වරක් එහි කාර්යසාධනය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් ඇගයීමක් කොට මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දෙන්නැයි මහා භාණ්ඩාගාරයේ ලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.
කෙසේවෙතත් මෝටර් වාහනයක් කල්බදු ක්‍රමයට (ලීසිං) මිලදී ගැනීමේදී ඒ සඳහා මෙතෙක් ලබාදුන් ණය තක්සේරු වටිනාකම් අතර අනුපාතය වෙනස් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව, තක්සේරු වටිනාකමින් මෙතෙක් ලබාදුන් ණය වටිනාකම වූ 70% ක අගය ඉදිරියේදී වෙනස්වීමට නියමිතය.
2017 අයවැය යෝජනා අනුව ත්‍රිරෝද රථ සඳහා ණය - තක්සේරු අනුපාතය 25%කි. එමෙන්ම, කාර්, වෑන් හා ජීප් රථ සඳහා 50%ක් වන අතර, වාණිජ වාහන (ලොරි හා බර වාහන) සඳහා එය 90%ක් කර තිබේ.
ඒ අනුව ත්‍රිරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබා ගන්නේ නම් ඒ සඳහා සිදු කරනු ලබන තක්සේරු වටිනාකමෙන් ණය ලබාදෙන්නේ සියයට 25ක ප්‍රමාණයකි.
ඒ අනුව ඔබ රුපියල් ලක්ෂ 20ක තක්සේරු වටිනාකමකින් යුතු මෝටර් රථයක් මිලදී නම් ඒ සඳහා ලීසිං ඔබට ලීසිං පහසුකම් ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10 මුදලකි. ඉතිරි රුපියල් ලක්ෂ 10 මුදල ඔබට පෞද්ගලිකව යෙදවීමට සිදුවෙයි. ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ණය තක්සේරු අනුපාතය සියයට 25ක් කිරීමෙන් ත්‍රිරෝද රථ මිලදී ගැනීම තවදුරටත් අධෛර්යමත් කිරීමට රජය කටයුතු කර තිබේ.
Jan 18, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
වාහන ලීසිං නව වටිනාකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
