කන්තලේදී සැමියා බිරිඳට ගිනි තබයි - Neth News Blog

Dec 30, 2016

කන්තලේදී සැමියා බිරිඳට ගිනි තබයි

කන්තලේ, තඹලගමුව ප්‍රදේශයේදී සැමියා විසින් බිරිදට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වේ.

ඊයේ(29) රාත්‍රියේ තඹලගමුව, යාය 10 ප්‍රදේශයේදී මෙම ගිනි තැබීම සිදුව ඇති බව පොලිසිය පැවසී ය.

ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 53 හැවිරිදි බිරිද මේ වනවිට බරපතල තත්ත්වයෙන් කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
බිරිදගේ අනියම් සබදතාවක් පිළිබදව ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් සැමියා විසින් මෙලෙස බිරිදගේ සිරුරට ගිනි තබා ඇති බව වාර්තා වේ.