උතුරෙන් දකුණට තවත් තහනමක් - Neth News Blog

Dec 30, 2016

උතුරෙන් දකුණට තවත් තහනමක්

දකුණේ සිට උතුරට බෝතල් කළ රා රැගෙන ඒම සහ විකිණීම තහනම් කරමින් උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිඛෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. අයින්කරේනසන් විසින්.

රා මැදීම කාලයක් තිස්සේ උතුරේ ද සිදු කෙරෙන බවත්, එහෙත් දකුණේ සිට රැගෙන එන බෝතල් කළ රා නිසා එම ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන බවත් ඔහු පෙන්වා දී තිඛෙනවා.
දකුණේ සිට රැගෙන එන බෝතල් කළ රාවල කෘත්‍රීම රසායන ද්‍රව්‍ය ද අඩංගුව තිඛෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත්තේ.

මේ නිසා එම රා පානය කරන උතුරේ වැසියන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්වන බව ද උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.