සරදියල් දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවතට ! - Neth News Blog

Dec 30, 2016

සරදියල් දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවතට !

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු වීර කැප්පෙටිපොළ මහ දිසාවේ ඇතුළු 19 දෙනෙකු එම ලේඛනයෙන් ඉවත් කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් එලෙස දේශද්‍රෝහීන් ලෙස නම්කර ඇති සෙසු ලාංකීය 'වීරවරයන්' ද එම ලේඛනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

උතුවන්කන්දේ සරදියල් ඇතුළු විශාල පිරිසක් මේවනවිටත් මෙලෙස රාජ ද්‍රෝහීන් ලයිස්තුට ඇතුළත්ය.
1817 සිට 1948 දක්වා කාලයේ අවස්ථා 03ක දී වීරවරයන් 980 දෙනෙකු බ්‍රිතාන්‍ය විසින් දේශද්‍රෝහින් ලෙස නම්කර ඇති අතර ඔවුන් සියලූ දෙනා රට ජාතිය වෙනුවෙන් දිවි පිදූවන් වන බැවින් ඒ අනුව දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර ඔවුන්ට ගෞරව දැක්විය යුතු බව ජනපතිවරයාගේ අදහස වී ඇතැයි පැවසේ.

දරුණුකමත්, සාධාරණත්වය සපිරි විවාදාත්මක වීර ක්‍රියා කළ පුද්ගලයකු වූ උතුවන්කන්දේ සරදියල්ව සුදු අධිරාජ්‍යවාදීන් විසින් එල්ලා මරණයට පත් කරන ලද්දේ 1864 මැයි මස 07 වැනි දිනදීය.