ගරු කටයුතු ඥානසාර හිමියන් වෙත, මෙම ලිපිය කියවන විට ඔබවහන්සේ යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතුයැයි, පිදීමට සුදුසු එකම තැනැත්තා වන අල්ලාහ් තආලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමින් මෙම ලිපිය ලියමි.
මෑතක දී ඔබවහන්සේගේ මාධ්‍ය සාකච්ඡාවක් නැරඹුයෙමි. එහි ඔබවහන්සේ කළ ප‍්‍රකාශයන්, මට මෙවැන්නක් ලිවීමට පෙළඹ වූ බව කිව යුතුය. එම අවස්ථාවේ දී ඔබවහන්සේ ශී‍්‍ර පාද කන්ද ගැන සඳහන් කරමින් මෙම විශ්වයත්, විශ්වයේ වාසීන්වත් මැවූ අල්ලාහ් තආලාහ් සමච්චලයට භාජනය කරමින් අදහස් ප‍්‍රකාශ කළෙහුය. අල්ලාහ් සුළුදිය දැමූ කන්ද නිසාවෙන් මුස්ලිම්වරුන් එම කන්ද තමන් සතු කරගන්නට වෙර දරන බව කීවෙහුය. එපමණක් නොව අල්ලාහ් කවුද? ඔහුට මුහුණක්වත් නෑ යනුවෙන් ද සමච්චල් කළෙහුය.
වසර කීපයක්ම මුස්ලිම්වරුන්ට එරෙහිව ආගම, ආර්ථිකය, ඉතිහාසය යන විවිධ ක්ෂේත්‍රෙයන් තේමා කොට ගෙන ඔබවහන්සේ අදහස් ප‍්‍රකාශ කළ අතර, ප‍්‍රචණ්ඩත්වය ද මුදා හළෙහුය. මුස්ලිම්වරුන් තම මව්බිමට දැඩි ලෙස ආදරය කරන බැවින්, ඔබවහන්සේගේ ඊර්ෂ්‍යා සහගත ද්වේෂ සහගත හැසිරීම්වවලට එරෙහිව කුපිත වී මේ රට නැවත අගාධයට යැවීමට උත්සුක නොවෙති. ඔබ වහන්සේ අපේක්ෂා කළේද, අවශ්‍ය වූයේ ද එයයි. එහෙත් එය එසේ නොවුන බැවින්, දැන් මුස්ලිම්වරුන් තම පණටත් වඩා ආදර ගෞරවය දක්වන අල්ලාහ් තආලාහ් ගැන අපවාද හා අවලාද නගන්නෙහුය.
මෙම අවස්ථාවේ දී අපේ පාර්ශවයෙන් කෙරුණ අත්වැරැද්ද අප විසින් බාරගත යුතුව ඇත. එනම්, අල්ලාහ් තආලාහ් ගැන ඔබවහන්සේට පැහැදිලිව කරුණු කියා නොදීමේ වරද අප පිළිගත යුතුය.
ගරු ස්වාමීන් වහන්ස, අල්ලාහ් යනු මුස්ලිම්වරුන් විසින් පිළිගන්නා ලද දෙවියන් මිස ඔවුන් විසින් නිර්මාණය කරන ලද්දෙක් නොවේ. ඔහු තමයි මෙම විශ්වවාසීන්ගේ මැවුම්කරුවා. සැබෑ මැවුම්කරුවා. මෙම විශ්වය පරිපාලනය කිරීමට හැකි එකම තැනැත්තා ඔහුයි. ඔබවහන්සේ අල්ලාහ්ට බනින්නේ නම් ඒ ඔබ වහන්සේගේ මැවුම්කරුවාණන්හට බනින්නෙහුය. අල්ලාහ් මුස්ලිම්වරුන් පිළිගන්නා එකම දෙවියා මිස ඔහු මුස්ලිම්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක් පමණක් නොව, අල්ලාහ් එසේ කියන්නේ ද නැත.
අල්ලාහ් තමා ලොව මුළුමනින්ම පාලනය කරන්නා ලෙස තමන් හඳුන්වා දෙයි. ලෝවාසීන්ගේ එකම රක්ෂකයා තමා යැයි පවසන බව ඔබවහන්සේ නොදන්නවා විය හැකිය. ඒනිසාම ඔබවහන්සේ අල්ලාහ් යනු නිකම්ම භෞතික වස්තුවක් ලෙස අර්ථකථනය කරනවා විය හැකිය. ඔබවහන්සේගේ මැවුම්කරුවාණන් ද අල්ලාහ් බව අප දැන සිටියත් ඒ ගැන ඔබවහන්සේට පැහැදිලි කර නොදීම අපේ වරදක් තමා. අල්ලාහ් අපේ පව් සමා කරත්වා. මුස්ලිම්වරුන් කෙරෙහි ඔබවහන්සේ තුළ මෝදු වූ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය මැවුම්කරුවා වන අල්ලාහ් තආලාහ්ව ද පරිභව කිරීමට තරම් ඔබවහන්සේගේ නොදැනුවත්කම ඔබවහන්සේ නොමග යවා ඇති බව මම හගිමි.
ස්වාමීන් වහන්ස, අල්කුර් ආනයේ ”ඉහ්ලාස්” යැයි පරිච්ෙඡ්දයක් ඇත්තේය. එය පාරිශුද්ධවූ අල් කුර් ආනයේ 112 වන පරිච්ඡේදයයි. එහි ඔහු (අල්ලාහ්* තමා ගැන කෙටියෙන් විස්තර කරයි. එම ඡේදය ඔබවහන්සේ වැනි අය විවෘත මනසකින් කියවතොත් අල්ලාහ් කවුරුන්ද යන්න ගැන වටහා ගනු ඇත. ’එහි අල්ලාහ් ඒකීයයා බවත්, ඔහු කුසගින්න, පිපාසය,නින්ද, ශරීර කෘත්‍යයන්, තෙහෙට්ටුව වැනි* කිසිම අවශ්‍යතාවයක් නොමැත්තෙකු බවත්, ඔහු මවන ලද දේවල් මෙන් ඔහු ද ජනනය නොවූ බවත්, ඔහු කිසිවකු ජනනය නොකළ බවත්, ඔහු කිසිවකුටත් සමාන නොවන බවත්, ඔහු කිසිවකටත් උපමා කළ නොහැකි බවත් සඳහන් කරයි.
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ මැවුම්කරුවාණන්ට අපහාස කිරීම බුද්ධිගෝචර කි‍්‍රයාවක් නොවන බව මා කියා දිය යුතු නැත.
එසේම, ඔබ වහන්සේගේ අතවැසියන් ලවා ඌරාගේ රූපයක් මත අල්ලාහ් යැයි ලියා මුස්ලිම්වරුන් කුපිත කරවීමට උත්සාහ දැරුවෙහුය. ඌරාව මැවුවේත් අල්ලාහ්මය ස්වාමීන් වහන්ස. මැවුම්කරුවා පමණයි දන්නේ උගේ ස්වභාවය පිළිබඳව. ඒ නිසාම ය අපට ඌරු මස් අනුභව නොකරන ලෙස නියම කර ඇත්තේ. මැවුම්කරුවාණන් කී නිසාම ය මුස්ලිම්වරු ඌරා පිළිකුල් කරන්නේ. සැවුම්කරුවාගේ නම මවන ලද්දක් මත ලිවීමෙන් මැවුම්කරුවාණන්ට අපකීර්තියක් ඇති වන්නේ නැත. එ වටහා නොගන්නට තරම් ඔබ වහන්සේ අඥානවන්තයෙකු ද නොවන්නහු ය.
ඊළගට මුස්ලිම්වරු ඉස්ලාමීය ෂරීආ නීතිය අනුව ජීවත් වීමට පි‍්‍රය කරති. එයට රජයේ අනුමැතිය ඉල්ලා සිටිති. ඒ ගැන ඔබවහන්සේ ඔලූව අවුල් කරගන්නේ ඇයිද ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ සැබෑ බෞද්ධයෙකු ලෙස ජීවත්වීම ගැන අප ඔලූව අවුල් කරගන්නේ ම් එය බුද්ධිගෝචර නොවනවා නොවේද? එසේම, මුස්ලිම්වරු ඉස්ලාමය අනුව ජීවත්වීමට වන කැමැත්ත ගැන ඔබවහන්සේ පිළිකුල් කිරීම ද ශිෂ්ට කි‍්‍රයාවක් නොවේ යන් ඔබවහන්සේ ද නොදන්නවා නොවේ.
අවසාන වශයෙන් ස්වාමීන් වහන්ස, සියල්ලන්ටම පොදු අල්ලාහ් ගැන ඔබවහන්සේට කරුණු කියා දුන්නෙමි. මා කෙරෙහි වූ වගකීම අහවරය. මින් ඉදිරියට මාවත්, ඔබ වහන්සේවත් මැවූ අල්ලාහ් ගැන අවබෝධයක් ලබා ගැනීම ඔබවහන්සේගේ යුතුකමකි. මරණයෙන් පසු පරමාන්ත දිනයේ දී හා අල්ලාහ්ව ඍුජුවම මුණ ගැසෙන අවස්ථාව මටත් ඔබ වහන්සේටත් උදාවනු ඇත. ඔහු මුණ ගැසීමේ ආසාවෙන් හා ඒකායන අභිප‍්‍රායෙන් මා කිව යුතු දේ ඔබ වහන්සේට කියා ඇත්තෙමි.
ගරු ස්වාමීන් වහන්ස, අල්ලාහ් අදිසි කෙනෙකි. ඔහුව මෙලොව දී පියවි ඇසින් දැකිය නොහැකිය. එහෙත් අපගේ මරණයෙන් පසු ඔහුවත් ඔහුගේ මුහුණත් දැකීමේ එකම අරමුණින් මෙලොව දී මුස්ලිම්වරයෙකු ලෙස ජීවත් විය යුතුව ඇත.
ගරු ස්වාමීන් වහන්ස, උපත කෙතරම් සැබෑවක් ද එසේම මරණය ද සැබෑවකි. ප‍්‍රත්‍යක්ෂයය. එසේම උපතට පෙර මවගේ කුස තුළ වූ ජීවිතය කෙතරම් සැබෑවක් ද, යථාර්ථයක් ද එසේම මරණයෙන් පසු ජීවිතයක් සැබෑවකි. යථාර්ථයකි.
අපගේ මැවුම්කරුවාණන් අපව නැගිටුවා ප‍්‍රශ්න කරන විට මුස්ලිම්වරු මට ඉස්ලාමය ගැන කියා දුන්නේ නැත කියා ඔබ වහන්සේට බේරීමට නොහැකිය. සර්ව බලධාරි අල්ලාහ් ඔබවහන්සේට ඍජු මාර්ගය අවබෝධ කර දෙත්වා යි පතමි.
මෙයට, අල්ලාහ්ගේ ගැත්තා,
Dec 29, 2016
ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
