ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැයි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැයි තමන් පුද්ගලිකව විශ්වාස කරන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිවරිය ප්‍රකාශ කළාය.
චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි කළ විමසීමකදී ඇය මේ බව සඳහන් කර තිබේ.
“දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල.“ යනුවෙන් ඇය පැවසුවාය.
ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.
එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය සඳහන් කළාය.
Dec 29, 2016
ලංකාවේ කාන්තාවන්ටත් 'ඔසප් නිවාඩුවක්'?
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
