බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමටත් එහි වෙසෙන ජනතාවටත් ඔවුන්ගේ සමාජීය, ආර්ථික කටයුතුවලටත් විශාල බලපෑමක් හා හානියක් සිදුවී ඇතත් මෙතෙක් එම ජනතාවට නිසි ලෙස වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකිරීමට එරෙහිව ලබන 29වනදා දැවැන්ත පාගමණක් හා විරෝධතා රැලියක් සංවිධානය කර ඇති බව උමාඹය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ප්‍රධාන උමගේ දිය කාන්දුවට වසර දෙකක් පිරෙන දෙසැම්බර් මාසයේදී, ඉදිරි හානි වලක්වන ලෙසටත් මෙතෙක් සිදුවූ හානි සඳහා ජනතාවට සාධාරණ වන්දියක් ගෙවන ලෙසටත් බලකරමින් රටේ බහුජන සංවිධාන රාශියක ඒකාබද්ධතාවයෙන් පවත්වනු ලබන විරෝධතා පෙළපාලිය දෙසැම්බර් 29 දින පස්වරු 1.00ට තංතිරිය හන්දියෙන් ආරම්භ වන බවත් පස්වරු 2.00ට බණ්ඩාරවෙල නගරයේදී විරෝධතා රැලිය ආරම්භ වන බවත් සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
එම විරෝධතාවය සඳහා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා, පද්ධති පරිසරවේදී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රනිල් සේනානායක මහතා, උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ, ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහාතා, සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක මහතා, පරිසර සංරක්ෂණ භාරය පරිසර සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා, ශ්‍රී ලංකා සොබා සාමූහිකයේ සභාපති, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී තිලක් කාරියවසම් මහතා, ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා, ජතික විද්වත් වෘත්තික සංසදයේ සභාපති, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා, උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ ලේකම්, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී අතුල ප්‍රියන්ත මහතා, යොවුන් ගායන ශිල්පී මිත්‍ර කපුගේ මහතා, භූගෝල විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශාන්ත සකලසූරිය මහතා, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, ප්‍රවීන ගණිත දේශක රවීන්ද්‍ර බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා සොබා සාමූහිකයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී විශ්වලිංගම් මහතා, ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා, පුවීන නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා, ප්‍රවීන රංගන ශිල්පී ජගත් චන්ද්‍රසිරි මහතා, පුවීන රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ මහතා සහ ප්‍රවීන සාහිත්‍යවේදී ඇන්තනී ජීවා මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බවද සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේ.
Dec 27, 2016
Home
Unlabelled
උමාඔයේ ජනතාවට වන්දි නොගෙවීමට එරෙහිව විරෝධතා රැලියක්
උමාඔයේ ජනතාවට වන්දි නොගෙවීමට එරෙහිව විරෝධතා රැලියක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.

