වසරක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අද (02) නිදහස් කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට කෑගල්ලේ කුමාර් ගුණරත්නම්ගේ මවගේ නිවසේදී ඔහු ගිය වසරේදී අත්අඩංගුවට පත්විණි.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසියෙකි. ඔහු මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අතර ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධියේ පැවසී ය.
ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය ජනපතිවරණ සමයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල නියැළී සිටියේය.
මේ අතර ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කැර ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
ඔහු පවසනුයේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ බවයි. එම ඉල්ලුම්පත්‍රය ගැන තීරණයක් ගැනීමට මාසයක් පමණ කල් ගත විය හැකි බව දන්වා ඇත.
Dec 2, 2016
Home
Unlabelled
කුමාර් ගුණරත්නම්ට නිදහස
කුමාර් ගුණරත්නම්ට නිදහස
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.




