විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව දෝෂාරෝපණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෝටි ගණන් වංචාකළ පුද්ගලයින් නිදැල්ලේ සිටියදී පසුගිය මානූෂිය මෙහෙයුමේදී ක්‍රියාකාරීව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙලෙස සැලැකීම නොකළ යුත්තක් බව පවසමින් ජනපතිවරයා එහිදී පොලිස්පතිවරයාට දැඩිව දොස් නගා ඇත.
පොලිසිය මගින් නිසි පරීක්ෂණයක් නොපවත්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා කනගාටුවන බව ද එහිදී ජනපතිවරයා පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත.
එම නිලධාරියා සමඟ පුද්ගලික ප්‍රශ්න ඇත්නම් ඒවා පුද්ගලිකව විසඳා ගන්නා ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැඩිව ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
විශ්‍රාම ගැනීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකයාට අයත් ජීප් රථයක් භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත ඇප ලබා දීමට නියෝග කළේය.
ඔහුට සෑම මසකම අවසාන ඉරුදින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව ජාතික හෙළ උරුමය ද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
Nov 29, 2016
Home
Unlabelled
ජනපති පොලිස්පතිට බැනවදී
ජනපති පොලිස්පතිට බැනවදී
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
