රැකියා ඉල්ලන අය පක්ෂයේ වැඩට එපා - තරුණයන් ගැන චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක් - Neth News Blog

Nov 14, 2016

රැකියා ඉල්ලන අය පක්ෂයේ වැඩට එපා - තරුණයන් ගැන චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක්

වත්මන් තරුණ පරපුර අතිශයින් ආත්මාර්ථකාමී වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ නිට්ටඹුවේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකට එක්වෙමිනි.

එම නිසා රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන පිරිස්වලට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු භාර නොදෙන ලෙස ඇය ඉල්ලීමක් කළාය.
තමන් හත් අට දහසකට රැකියා ලබාදී ඇති බවත් පසුගිය කාලයේ ඔවුන් තමන් පිළිබඳව සොයා නොබැලූ බවත් හිටපු ජනාධිපතිනිය මෙහිදී සඳහන් කළාය.

තරුණයින්ගෙන් වැඩි පිරිසක් සමාජය පිළිබඳ නොසිතන තත්ත්වයක් උදා වී ඇති බව ඇය පෙන්වා දෙයි.