නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීමේදී බරපතල වංචා දූෂණ රැසක් සිදුව තිබෙන බවට කරුණු දක්වමින්, ඒ පිළිබඳව හා ඊට සම්බන්ධ බල ශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු මහතා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍ය ඇමතු නාමල් රාජපක්ෂ මහතා, මේ දිනවල ජනතාව අපහසුතාවයට පත්කරමින් සිදුවන විදුලි කප්පාදුව සිදුව ඇත්තේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටීම නිසා බවත්, නොරොච්චෝලේ විදුලි බලාගාරය බිඳ වැටීමට හේතුව පිළිබඳවත් මෙසේ කියා සිටියේය.
''මේ දිනවල ජනතාව දැඩි අපහසුතාවය පත්ව ඇති කරුණක් තමයි විදුලි කප්පාදුව. දුප්පත් ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වෙලා සිටිනව. මේකට විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරය බිඳවැටීම බවයි.
මෙම බලාගාරය ආරම්භයේ පටන් විටින් විට බිඳ වැටෙන්න පටන් අරන් තියෙනව.
මීට හේතුව තමයි 2005 ට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී ලංකාවේ වැඩිවන විදුලි ඉල්ලුමට ගල් අඟුරු බලාගාරයක් අවශ්‍යයි කියල නිර්දේශ කරල තිබුණා. නමුත් එය ක්‍රියාත්මක නොවී කල් ගියා.
එම්. සී. ෆර්ඩිනෑන්ඩු :
2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත්වුණාට පස්සේ විශ්‍රාම අරන් හිටපු එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු කියන පුද්ගලයා රැගෙන මෙම නොරොච්චෝල ගල් අඟුරු ව්‍යාපාරය ඉඳිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා.
මෙම එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු හරහා කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඉහළම මට්ටමේ ගල් අඟුරු බලාගාරයකට අවශ්‍ය උපකරණ වෙනුවට ඒ මිලටම ඉතා අබලන්, කල්පැන ගිය උපකරණ තමයි ගෙන්වල තියෙන්නේ. ඒ හා සම්බන්ධ තාක්ෂණික කාරණා සම්බන්ධ ලිපි ලේඛන මා ළඟ තියෙනව.
මේ හරහා එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු අති විශාල ධනයක් වංචාකරල තියෙනවා.
දැනට ඔහුට ඕස්ට්‍රේලියාවේ නිවාස 04 ක් තියෙනවා. එසේම කොලඹගේ මාවතේ ඔහුගේ නිවසට යාබද ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඉඩමක් බලෙන් පවරගෙන තියෙනව. මේව අපි හෙළි කරගෙන තියෙනව.
ඊට අදාළ ලේඛන අපි ළඟ තියෙනව. අපිට දැනගන්න තිබෙන අකාරයට ඩොලර් මිලියන 30 ක පමණ දේපළ මොහු අත්පත් කරගෙන තිබෙනවා.
ඒ නිසා අද අපි පැමිණිල්ලක් කළා මේ වගේ රටට අනවශ්‍ය රටට බරක් වෙච්ච මහජන මුදල් කාබාසිනියා කරන ව්‍යාපෘති සිදුකොට ඒ තුළින් අසීමාන්තික ලෙස ධනය වංචා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියල.
මීට සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් වානීජ මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කළ ලිපිය පහතින් දැක්වේ.
Oct 21, 2016
Home
Unlabelled
නොරොච්චෝලේ කොමිස් ඕස්ට්‍රේලියාවෙන් මතුවේ
නොරොච්චෝලේ කොමිස් ඕස්ට්‍රේලියාවෙන් මතුවේ
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.