වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පොදු අරමුණකින් යුතු ප්‍රතිපත්තිමය එකඟතාවක් සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ හිටපු සභාපති සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.
එසේ නොවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතාවත්, රටත් විනාශ වන බව උන් වහන්සේ පවසති.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු බලමණ්ඩලය තමන් වහන්සේ සමඟ එකතු වනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු පළ කරති.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවාදීන් සහ මහින්ද හිතවාදීන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව මේ පිළිබඳ තොරතුරු හෙළි කරන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු බලමණ්ඩලය 2015 ජනවාරි 08 වැනිදායින් පසු ශ්‍රීලනිප මෛත්‍රී හෝ මහින්ද යන කිසිදු පිලකට සහාය නොදී ස්වාධීනව කටයුතු කරන ස්ථාවරයක රැඳී සිටියි.
(ප්‍රදීපා වීරසේකර)
Oct 15, 2016
Home
Unlabelled
මෛත්‍රී-මහින්ද එක්කිරීමට වජිර හිමිගෙන් මෙහෙයුමක්
මෛත්‍රී-මහින්ද එක්කිරීමට වජිර හිමිගෙන් මෙහෙයුමක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.