සාමය හා සංහිදියාව වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනයේ පැවැති 42වන ජාතික ක්‍රිඩා උළෙලට විශේෂ ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.
එම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්.හරීස් යන අය සහභාගී විය.
'අපි රණ්ඩු වෙන්නේ මොකටද ?'
සංවර්ධන සහ පරිපාලන ක්‍රියාවලිය තුළ පළාත් නවයක් වශයෙන් බෙදී කටයුතු කළත් අනෙක් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල අමතමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
"මේ රට ගොඩ නගන්න, ශක්තිමත් කරන්න, නිෂ්පාදනය ඉහළ නංවන්න පළාත් නවයක් වශයෙන් බෙදා ගත්තට කමක් නැහැ. අපි අනෙක් සෑම දේම කළ යුත්තේ එක් රටක් වශයෙනුයි," හෙතෙම අවධාරණය කළේය.
එවකට පැවති ඉංග්‍රීසි අධිරාජ්‍යය ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදා පාලනය කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
'ජෝර්ජ් රජ්ජුරුවෝ' :
"අපි මේ පළාත් නවයක් ගැන කතා කරනවා. මේ පළාත් නවය අපිට දුන්නේ කවුද මෙතන ඉන්න අපි හෝ තමුන්නාන්සෙලා නොවෙයි. ඒක දුන්නේ එංගලන්තේ ජෝර්ජ් රජ්ජුරුවෝ," ඔහු පැවසීය.
"ඒක නිසා මේ ජෝර්ජ් රජ්ජුරුවෝ දීපු පළාත් නවයකට අපි රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරන්න අවශ්‍යයි."
ලොව පුරා ගැටුම් හට ගැනීමට ශිෂ්ඨසම්පන්න භාවය පිරිහීම හේතු වී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
"ක්‍රීඩාව කියන්නේ විනය, හැදිච්චකම, හික්මීම ඇති කරන දෙයක්. ලෝකයේ යුද්ධ ඇති වෙලා තියෙන්නේ ඒ ශිෂ්ඨකම නැති නිසයි. ශිෂ්ඨත්වය ඇති වෙන්න ක්‍රීඩාව හොඳ මාධ්‍යයක්, හොඳ පදනමක්," ජනාධිපතිවරයා පැවසීය.
Oct 3, 2016
Home
Unlabelled
මෛත්‍රී -විග්නේෂ්වරන් -සම්බන්ධන් එකම වේදිකාවක
මෛත්‍රී -විග්නේෂ්වරන් -සම්බන්ධන් එකම වේදිකාවක
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.