යෝජිත විහාර දේවාලගම් පනත් කෙටුම්පත හරහා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට විහාරාධිපති හිමිනමක් පත් කිරීමේ සූදානමක් පවතින බව ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව දැනට පවතින ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.මෙය කිසිවෙකුගේ බූදලයක් පන්සලක් නොවිය යුතු බවත් පොදු දේපලක් ලෙස රජය විසින් පවත්වාගෙන යායුතු බවත් උන්වහන්සේ පැවසුවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වු ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී්‍ර මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන්ද අදහස් දැක්වුවා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේ යෝජිත විහාර දේවාලගම් පනත සංශෝධනය කරන ලෙස කිසිදු නිකායකින් ඉල්ලීමක් කර නොමැති බවයි.
මේ අතර යෝජිත විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපකෂ අද පෙරවරුවේ මහනුවරට පැමිණියා.
එහිදී සුමංගල හිමියන් අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ මෙම විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමේදී කිසියම් අයෙකු විරෝධය පළ කරන්නේ නම් එය තිබෙන ආකාරයටම තිබීමෙන් වරදක් නොවන බවත් ,ඔවුන් විරෝධය දක්වන කරුණු පිළිබඳ අවධානය යොමුකොට එම කරුණු සංශෝධනය කිරීමට යාමේදී අමාත්‍යවරයා ඇතුළු පිරිසට ගැටලුවක් ඇතිවන්නේ නම් එම කරුණු එලෙසම තැබීමේ වරදක් නොමැති බවයි.මෙහිදී මල්වතු නා හිමියන් සහ අනුනායක හිමියන් අවධාරණයෙන්ම සඳහන් කොට ඇත්තේ ගැටලුවක් ඇති නොවන අයුරින් ක්‍රියා කරන ලෙසයි.
ඉන්පසුව මාධ්‍යවේදීන් ඇමතූ විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ මහනායක හිමියන් අනුශාසනා කළ පරිදි අනෙකුත් මහානායක හිමිවරුන් හා ස්වාමින් වහන්සේලා සමග සකච්ඡා කොට උන්වහන්සේලාගෙද එකඟත්වය ලැබේ නම් එම වගන්ති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් විහාර හා දේවාලගම් පනත පිළිබඳ 4 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවයි
Oct 1, 2016
Home
Unlabelled
දළඳා මාළිගාවට විහාරාධිපති හිමිනමක් – විරෝධය මැද ඇමති විජයදාස කෙටුම්පතත් රැගෙන මල්වතු මහා නාහිමි හමුවට
දළඳා මාළිගාවට විහාරාධිපති හිමිනමක් – විරෝධය මැද ඇමති විජයදාස කෙටුම්පතත් රැගෙන මල්වතු මහා නාහිමි හමුවට
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.