'යහපාලන ආණ්‌ඩුවේ වංචා දූෂණ සෙවිය යුතුයි' - චම්පික - Neth News Blog

Oct 12, 2016

'යහපාලන ආණ්‌ඩුවේ වංචා දූෂණ සෙවිය යුතුයි' - චම්පික

යහපාලන ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට විරුද්ධව වංචා දූෂණ චෝදනා තිබේනම් එයද විභාග කළ යුතු බව මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පෙරේදා (10 දා) මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදකිමින් අනතුරුව මාධ්‍යය වෙත අදහස්‌ දක්‌වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එබව සඳහන් කළේය.
මහ බැංකු වංචාව වැනි ප්‍රශ්නවලදී FCID විමර්ශනවලින් තොරව පාර්ලිමේන්තු තීරණ මගින් පරීක්‍ෂණ පැවැත්විය හැකි බව ද හෙතෙම පැවසීය.

වංචා, දූෂණ, චෝදනා සම්බන්ධව පැවති නඩු කඩිනමින් විභාග කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් පවතින අධිකරණ ප්‍රමාණවත් නොවේ නම් එවැනි නඩු විභාග සඳහා තවත් අධිකරණ ස්‌ථාපිත කිරීම අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.