ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.
ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කාර්යාලයක්ද ඉදිකර තිබිණි.
අනර්කලී මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටින අතර, ඇය විසින් කොග්ගල ඉදිකර ඇති හෝටලය ඉදිරිකිරීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ද පැවසේ.
අදාළ හෝටලය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ රජයේ ඉඩමක් බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර එය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
එසේම අනර්කලීට රූපවාහිනී විකාශන බලපත්‍රයක්ද ලබාදී ඇති බව හෙළිව ඇතැයි FCID අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
නහීල් වීරසූරිය
මේ අතර, අනර්කලීගේ මව සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ බව කියන ව්‍යාපාරික නහීල් වීරසූරිය මහතා අනර්කලී හරහා සිදුකළ වෙළෙඳ ගණුදෙනු සම්බන්ධයෙන්ද සෙවීමට FCID ය සූදානම්වන බව පැවසේ.
තිසක්‍යා London College of Fashion හි විලාසිතා කරණය පිළිබඳ උපාධිධාරිණියකි.
Aug 22, 2016
Home
Unlabelled
අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?
අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
