වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ වෙළෙඳ සංගම් නායකයන්ගේ කඩසාප්පු කාර්යාල සහ ගබඩා රේගුව මගින් සීල් තබමින් සිදු කරන පළිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් සහ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වැට් බදු වැඩි කිරීම නිසා සිදුව ඇති අසාධාරණයට එරෙහිව සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින් නගර මට්‌ටමින් කඩසාප්පු වසා සිදු කළ විරෝධතා ව්‍යාපාර පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු දැක්‌වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි විරෝධතා ව්‍යාපාරය නැවැත්වීමට තීරණය කර තිබියදී මෙසේ එම වෙළෙඳ ව්‍යාපාරිකයන් දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රේගුව හරහා දියත් වීම පිළිබඳව මේ වනවිටත් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇතැයිද පවසයි.
මේ ගැන සහ ඉදිරි බදු සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවීමටද නියමිතය.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඇමැති දුමින්ද දිසානායක මහතා වෙළෙඳසල් සීල් කිරීමේ ක්‍රියාමාර්ගය ගැන දැනටමත් ශ්‍රී ලංකා රේගුවෙන් කරුණු විමසා ඇති අතර රේගු වෘත්තීය සමිතියද වැට් බද්දට විරෝධය පළ කළ වෙළෙඳුන් දඩයම් කිරීම ගැන දැනටමත් සිය අප්‍රසාදය පළ කර තිබේ.
(දිවයින)
Aug 16, 2016
Home
Unlabelled
රවීගේ පලිගැනීම් ජනපතිගේ අවධානයට
රවීගේ පලිගැනීම් ජනපතිගේ අවධානයට
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
