හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල හදිස්සියේම ඊයේ (05) එංගලන්තය සමඟ පැවැති පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරඟයට කැඳවනු ලැබුවේ දේශපාලන තීන්දුවක් නිසා යැයි මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.
ශ්‍රී ලංකා ඒ පිල සමඟ එංගලන්තයේ සංචාරයක නිරතව සිටින රමිත එම සංචාරයේ ඒ පිල සහභාගිවූ තරඟ දෙක සඳහාම ක්‍රීඩා නොකළේය.
තත්ත්වය එසේ තිබියදී රමිත හදිස්සියේ ශ්‍රී ලංකා පිලට කැඳවනු ලැබුවේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත පල කිරීමේ ප්‍රතිථලයක් හැටියට යැයි ක්‍රිකට් කේෂත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ.
රමිත දේශීය තරගාවලිවලදී වැඩි දස්කම් නොපෙන්වා ඒ කණ්ඩායමට ඇතුළත් වූ ආකාරය සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ක්‍රිකට් විචාරකයන්ගේ කතාබහට ලක්ව තිබිණි.
එසේම, මීට පෙර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ගැටුමක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් රමිත හා කිත්රුවන් විතානගේට විනය පරීක්ෂණයක් පවත්වනු ලැබූ අතර එහිදී කිත්රුවන්ට වසරක තරඟ තහනමක් පැණවුනද රමිත ඉන් නිදහස් කිරීමද ගැටලුකාරී තත්ත්වයක් වී තිබේ.
මේ අතර, රමිත ශ්‍රී ලංකා පිලට එක්වූ අවස්ථා දෙකේදීම තේරීම්කමිටු ප්‍රධානියා ලෙස සනත් ජයසූරිය කටයුතු කිරීමද ක්‍රිකට් විචාරකයන්ගේ අවදානයට යොමුව ඇත.
ඊයේ (05) පැවැති පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ශ්‍රී ලංකාව පරදා කඩුලු 8ක ජයක් ලැබීය.
ශ්‍රී ලංකාවට සිය පන්දුවාර 20දී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 140ක් පමණි.
ඉන් රමිත රැස් කළේ ලකුණු 19ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.2කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.
Jul 6, 2016
රමිත ශ්‍රී ලංකා පිලට : කෙහෙළිය මෛත්‍රී පිලට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
