මත්තල දුවවන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් සොයයි - Neth News Blog

Jul 4, 2016

මත්තල දුවවන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් සොයයි

මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ඉදිවූ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආයෝජන සිදුකර එහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සමාගම් වලට රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මෙම නිවේදනය රජයට අයත් සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දෙස් විදෙස් පාර්ශව වලට 2016 අගෝස්තු 12 දා තෙක් අයැදුම් කළ හැක.