ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්, ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇත.
ජනපතිගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ සියලු පක්ෂවල එකඟතාවයෙන් තමන් මහබැංකු අධිපති තනතුරට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කළ බවයි.
අදාළ පත්වීම ලබන සඳුදා (04) නිල වශයෙන් සිදුකෙරෙනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයාය.
එකී තනතුරට එහි නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ, ප්‍රවීණ ප්‍රාග්ධන වෙළඳපොළ විශේෂඥයෙකු වූ මහාචාර්ය ලලිත් සමරකෝන් හා හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ යන අයගේ ද නම් යෝජනා වී තිබු බවක්ද වාර්තා විය.
ශ්‍රී ලංකා මහබැංකුව සඳහා නව අධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධ කතන්දරය පසුගිය දින කිහිපයේදී ආන්දෝලනාත්මක කතා බහක් මතුව තිබුණි.
ඊට හේතුවූයේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට බැඳුම්කර අලෙවිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමයි.
ඒ අනූව අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ වසරක සේවා කාලය පෙරේදා (30) අවසන්වීමත්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා නිසාත්, ඔහුට සේවා දිගුවක් ලබානොදීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළේය.
Jul 2, 2016
ආචාර්ය කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
