මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ද ලබාදිය යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව උතුරේ දේශපාලන අධිකාරිය දැණුවත් කිරීම පිණිස ඊයේ (26) ජයිකා ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභාවේ පිරිසක් ද සහභාගි වී තිබේ.
මේ අතර උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කියා සිටියේ එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකට ද අත්සන් කළ යුතු බවට ද ඉල්ලීමක් කළ බවයි.
ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කිරීම නිසායැයිද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය උතුරු පළාත් සභාවට විශාල ප්‍රශ්නයක් ඇති කෙරෙන බව මෙහිදී ප්‍රධාන අමත්‍යවරයා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
තවද මහවැලි ජලය උතුරට ලබාදීම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් ඒ පිළිබදව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.
ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු වලට තමන්ට මැදිහත් විය නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසයි.
Jul 27, 2016
'මොරගහකන්දේ අයිතියක් අපටත් ඕනෑ ' - විග්නේෂ්වරන්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
