දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා ඇතැයි ලංකා ඉරිදා පුවත්පත වාර්තාකර තිබේ.
මෙසේ නොගෙවන ලද ණය මුදල රුපියල් කෝටි හැත්තෑහය ලක්ෂ හාරදාස් එකසිය හතලිස් එකක් (67,604,141) බව පැවසේ.
එම ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වැනිදාට තිබූ මුළු ණය පුමාණයේ ශේෂය බව පැවසේ.
ඒ සඳහා ඇතුළත්විය යුතු පොළී ප්‍රමාණය ගණනය කර නැති බවද වාර්තා වේ.
එසේම එම සමාගම ලබාගත් අදාළ කලබදු පහසුකමේ කිසිදු වාරිකයක් මෙතෙක් ගෙවා නැතැයිද එම පුවත්පත වාර්තා කර ඇත.
මේ ණය මුදල බැංකුවේ අක්‍රීය ණය ලෙස නම්කර ඇති බව ලංකා බැංකුවේ ගිණුම් විගණනය කිරීමේදී විගණන දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.
ලංකා බැංකුවෙන් කල්බදු ණය ගෙන නොගෙවන ලද විශාලතම ණය මුදල් අතර මේ ණය මුදල දෙවැනි තැන ඇති බවත් එහි පළමු තැන බිස්නස් පෝරම් පුද්ගලික සමාගම ඇති බව පැවසේ.
2014 දෙසැම්බර් 31 වැනිදා වන විට කල් බදු ණය නොගෙවීම නිසා ලංකා බැංකුවට අයවිය යුතු මුළු ණය මුදල කෝටි 32කට අධික බවද වාර්තා වේ.
Jul 29, 2016
නිලංග දෑල ලංකා බැංකුවට කෝටි 6ක පොල්ලක්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
