ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ සිඩ්නි ජයසිංහ මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) නියෝග කළාය.
ඒ අනුව උදය ගම්මන්පිල මහතාට රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.
සිඩ්නි ජයසිංහ රුපියල් 15000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූ අතර දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කර තිබේ.
ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂෑඩික් නැමැත්තාගේ ව්‍යාපාරයක කොටස් කූට ලේඛන සකසා අත්පත් කර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධ චෝදනාවකට ඔහු මේ මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා පසුගිය මස 18 වැනිදා අත්අඩංගුවට ගත් අතර එදිනම උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිණ.
Jul 1, 2016
ගම්මන්පිලට ඇප - විදෙස් ගමන් තහනම්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
