අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙමින් පවතිද්දී ඇතැමුන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය මත පතුරුවා හරිමින් සිටින බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, 'නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කරන්නේ රට බෙදීමට නොව රට එක්සත්ව තබා ගනිමින් සියලු ජාතීන් අතර සමගිය ඇති කිරීමට බව' අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජර්මන් රජයේ ආධාර මත ඉදි කෙරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා කිලිනොච්චියේ ඊයේ (18) සිදු කළ සංචාරයක දී මහජන හමුවක් අමතමිනි.
උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව රටේ සියලු දෙනා විසින් පිළිගත යුතු බව අවධාරණය කර සිටියේය.
ජාතීන් අතර සමගිය ඇති කිරීමේ ව්‍යායාමයේ දී සියලු දෙනා විසින් දැනට පවතින ප්‍රශ්න ගණනාවක් තේරුම් ගනිමින් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.
ජාතික සංහිඳියාව ගොඩ නැගීම පිළිබඳ පාඩම ඉගෙන ගන්නා මෙන් තමා අලුත් බලවේගය සැදීමට උත්සාහ ගන්නා පුද්ගලයන්ට කියා සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
යාපනයේ සිසු ගැටුම :
යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා 'විශ්ව විද්‍යාල රටේ සංහිඳියාව ගොඩ නගන මධ්‍යස්ථාන බවට පත් කළ යුතු' බව පෙන්වා දුන්නේය.
රටේ තරුණයන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සිදු වී ඇත්තේ අධ්‍යාපන ක්‍රමයේ වරදින් යයි පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එම තත්වය වෙනස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මෙවැනි ගැටුම් වලක්වාලීම සඳහා සංහිඳියාව නමැති විෂය අධ්‍යාපන නිර්දේශවලටද ඇතුලත් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා :
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් සිය ප්‍රතිඥාව ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ අතරවාරයේ 'ඇතැමුන් අලුත් බලවේග හැදීමේ උත්සාහයක නිරත වෙමින් සිටින්නේ කුමන පරමාර්ථයකින් දැයි' ප්‍රශ්න කර සිටියේ ය.
Jul 18, 2016
'නව ව්‍යවස්ථාව- රට එක්සත් කිරීමටයි' - ජනාධිපති
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
