පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් සංශෝධන පනතට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලන ඇමතිවරුන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එම පනතට පක්ෂව ඡන්දය දුන්නොත් ශ්‍රී ල.නි.ප. යහපාලන ඇමතිවරුන්ට ගමට යන්නට වෙන්නේ රෙදි ගලවා බවත්, ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරනය කරයි.
ඇය පෙන්වා දෙන්නේ එම පනතට පක්ෂව ඡන්දය ලබාදී ගමට එන එවැනි ඇමතිවරුන් පන්නා දැමීමට ජනතාව සූදානම් බවයි.
යහපාලනය විසින් නඩු නොදැමූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සෙවීම කිසිවෙකු නොමල ගෙදරකින් අබ සෙවීම මෙන් අසීරු දෙයක් බවද පෙන්වා දුන් මන්ත්‍රීවරිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නඩු පවරා සිරගත කොට යහපාලනය පවත්වාගෙන යා නොහැකි බවද අවධාරනය කලාය.
ජන සටනට පන පොවන පාද යාත්‍රාවට එක්වෙමු මැයෙන් පෙරේදා (16) උඩුගම්පල ගොයිගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මන්ත්‍රීවරිය මේ බව සදහන් කලාය.
ලබන 28 වෙනිදා මහනුවරින් ආරම්භ කෙරෙන පාද යාත්‍රාව පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.
ආප්ප සංග්‍රහයක් :
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය මෙසේද කීවාය.
'' මම මේ රැස්වීමට ආපු ගමන් මට ආප්ප සංග්‍රහයක් ලැබුණා. එය සංග්‍රහ කරන ගමන් දර්ශිකා මන්ත්‍රීතුමිය මට කිව්වේ ආප්ප කෑවට කමක් නෑ ඒ පැත්තට එහෙම යන්න එපා කියලයි. ආප්ප නෙමෙයි රත්තරං දුන්නත් අපි ඔය යූ.එන්.පී. ආණ්ඩුවට මුක්කු ගහන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග මැරෙන තුරු අපි ජනතාව වෙනුවෙන් මේ දේශපාලන ගමන යනවා. සමහරු බැඵවා මේ ගීතටත් එක එක කැරට් අල දීලා බා ගන්න. මේ ගීතා ඒවට අහුවුණේ නෑ.
අද අපිට දේශපාලනය කරන්න වෙලා තියෙන්නේ දත් තිස්දෙක මැද්දෙ තියෙන දිව වගේ. අපිව නොකල වැරදි වලට හිර ගෙවල්වල දාන්න හදනවා. අද මගුලකට මරණෙකටවත් ආධාර කරන්න බයයි අපිව විතරක් නෙමෙයි අපෙන් ආධාර ගන්න මිනිහවත් ඇදගෙන ගිහිල්ලා හිරේ දානවා. දැන් ඔය නාමල් මන්ත්‍රීතුමාව හිරේ දැම්මා. හෙට අනිද්දට අපිවත් දායි.
මේ ඔක්කොම දේවල් කරන්නේ අපේ ජනතාවාදී ආණ්ඩු විරෝධී ගමන නැති කරන්නයි. අද නඩු අහන්න ඉස්සරවෙලා ඇමතිවරු තීන්දු දෙන තත්වෙට පත්වෙලා. නාමල් මහත්තයව අත්අඩංගුවට ගන්න කලින් අර රවී කරුණානායක ඇමතිතුමා නාමල්ව අත්අඩංගුවට ගන්න බව කිව්වා.
කෙල හල හලා ඉන්න පරාජිත ඇමති :
දැන් බලන්න මටත් මේ ආණ්ඩුව නඩු දාලා. ඒ මොකටද ගීතා කරපු වැරැද්ද මොකක්ද මම බැදලා ඉන්නේ පිටරට මහත්තයෙක්. ඒ මහත්තයගේ රටේ මට පුරවැසිභාවය ලැබුණා. හැබැයි චිත්‍රපටියක දෙකක ඇක්ට් කරලා ඔයාලව සතුටු කරන්න මම මගේ රටේ හිටියා. ඒ රටට ගියේ නෑ. දුන්නු පුරවැසිභාවය එපා කිව්වා. මන්ත්‍රී වුණාට පස්සේ මගේ මන්ත්‍රී කම උදුර ගන්න කෙල හල හලා ඉන්න අපේ පරාජිත ඇමති කෙනෙක් මගේ මන්ත්‍රීකම ගන්න ආණ්ඩුව හරහා නඩු දාලා. වැඩියෙන් මනාප ගත්තු මාව අයින් කරලයි. පැරදුණු කෙනාව ගන්න හදන්නේ. ඔය නඩු දැම්මට මම බය නෑ. මම වරදක් කරලා නෑ.
ආණ්ඩුව වැට් එක හරහා ජනතාව මංකොල්ල කනවා. හොද වෙලාවට විමල් වීරවංශ ඇමතිතුමා උසාවි ගිහිල්ලා වැට් එකට විරුද්ධව තීන්දුවක් ගත්තා. දැන් වැට්මෑන් ලෑස්ති වෙනවා සංශෝධන පනතක් ගේන්න මේ පනතට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි අපි බලාගෙනයි ඉන්නේ.
අද මුඵ රටේම ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වෙලා. රටම ගිනි ගොඩක්. ජනතාවට තුන් වේල කන්න නෑ. ඊයේ පෙරේදා දෙහි ගෙඩියක් රුපියල් පනහට ගියා. කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. දැන් මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අයගෙන් අහන්න වෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලයි. ආණ්ඩුව කයිවාරු ගැහුවට රටට කරපු කෙන් ගෙඩියක් නෑ. මේ ගොල්ලෝ ප්‍රාදේශීය සභා මැතිවරණය නොතියන්නේ ඡන්දෙට තියෙන බය නිසා.
තවදුරටත් මේ ආන්ඩුවට යන්න දුන්නොත් ජනතාවට වෙන්නේ වහ කන්න. ඒ නිසයි අපි පාද යාත්‍රා තියලා මේ ආණ්ඩුව ගෙදර යවන්න හදන්නේ . ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න. ''
Jul 18, 2016
'ශ්‍රීලනිප ඇමතිවරු ගහල පන්නන්න ලෑස්තියි' -ගීතා
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
