පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක (වර්තමානයේ හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල ඇති ස්ථානය) ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් මිලියන 450 ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳව එල්ල වූ චෝදනාවකටය.
මේ ගණුදෙණුවට දේශපාලනඥයින් තිදෙනෙකු ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් පැටලී තිබේ.
මෙම ඉඩම කීෂ් සමාගමට හිමිව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි.
ඊට අදාළ වන ගිවිසුම සකස් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නාමල් රාජපක්ෂ ඇසෝසියේට් නීති සමාගම විසිනි.
නීතිඥ සුජානි බෝගොල්ලාගම විසින් මෙයට සම්බන්ධ ලේඛන කටයුතු සිදු කොට ඇත.
එවකට කොටස් වෙළෙදපොළ සභාපතිවරයා වු ආචාර්ය නාලක ගොඩහේවා විසින් නාමල් රාජපක්ෂ මහතා විසින් නාලක ගොඩහේවාට යවා ඇති කෙටි පණිවුඩයකින් කියවෙන්නේ ව්‍යාපෘතිය සදහා වන මුලික අනුමැතිය ලබාදීම සදහා රුපියල් මිලියන 450 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් ක්‍රීෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙසයි.
ක්‍රිෂ් සමාගම මෙම මුදල එනම් ඩොලර් මිලියන 3.5 සිංගප්පුරුවේ බැංකුවක නාමල් රාජපක්ෂට අයත් ගිණුමක තැන්පත් කර ඇති බව පැවසෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය 2012 දී ක්‍රීෂ් සමාගම සමග අත්සන් කළ ගිවිසුමට අනුව රුපියල මිලියන 450 ක් තමන්ට අය විය යුතු බව ප්‍රකාශ කළ විට අදාළ සමාගම තමන් සියලු මුදල් ගෙවා ඇති බව පවසා තිබේ.
මෙම ගැටලුව නිසාම හෝටල් ව්‍යාපෘතිය අතරමග ඇණ හිටින අතර නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට රුපියල් මිලියන 550 ක මුදලක් දඩයක් ලෙස පණවා තිබීමද විශේෂිතය.
මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400 ක් ගෙවනු ලබයි.
නාමල් රාජපක්ෂ මහතාගේ සිංගප්පුරු ගිණුමට ලැබෙන රුපියල් මිලියන මිලියන 450 ක මුදලට අදාළ රිසිට් පත සහ නාලක ගොඩහේවාට ලැබුණු කෙටි පණිවුඩය පිළිබද පරීක්ෂණයක් මේ වනවිට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවත්වනු ලබන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද, නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400 ක මුදලක් ගෙවා ඇති බවද මේවන විට හෙළිව තිබේ.
Jul 13, 2016
නාමල්ගේ “බී” වාර්තාව සම්පූර්ණයෙන්ම මෙන්න
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News

