හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 55 ක් පරිහරණය කරමින් රුපියල් ලක්ෂ 690 ට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් බරපතල මුල්‍ය වංචා විමර්ශන පිළිබද ජනාධිපති කොමිසම අද (13) පැය දෙකකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසම කියයි.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් 2010 වසරේ සිට 2015 ජනවාරි මස දක්වා වරින් වර විවිධ අවස්ථාවන් වෙනුවෙන් මෙම මෝටර් රථය පරිහරණය කර ඇති බවත් එහි කුලිය , ඉන්ධන, රියදුරු වැටුප්, වෙනුවෙන් මෙම මුදල ඉංජිනේරු සංස්ථාවෙන් මුදල ගෙවා ඇති බවද කොමිසම කියයි.
මෙම මුල්‍ය වංචාව පිළිබදව ලැබුණ පැමිණිල්ලක් මත කොමිසම පරීක්ෂණයක් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
සද්ධාතිස්ස හිමියන් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් සිටි බවත් උන්වහන්සේට මෙම වාහන හා මුදල ලබා දුන් බවට ඉංජිනේරු සංස්ථාවේ ලේඛන වල සදහන් වන බවද කොමිසම කියයි.
(ලංකාදීප)
Jul 14, 2016
වීරවංශ, රාවණාබලේ හිමිට වාහන 55 ක් දීලා
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
