අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායකවරයා ලෙසද පත් කෙරුණා.
මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකයකු ලෙස සක්‍රීය දේශපාලනයේ නොයෙදුනද, කැළණියේ දේශපාලන බලවතා ලෙස බොහෝ කාලයක් කටයුතු කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහාතා එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ජාතික දේශපාලනයේ නිරත වූවෙක්.
අප මේ නව පත්වීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාගෙන් විමසා සිටියා.
සරත් ෆොන්සේකා මහතා කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා බවට පත්වීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
“ඒක එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව.. අපි ඒකට වචන කියල වැඩක් නැහැනෙ. එතුමට කැළණිය ලැබීම මට අදාලත් නැහැනෙ. මම සන්තෝස වෙනව.
එතුමගෙ කටයුතු වලට ඔබතුමාගේ සහය දෙනවද?
එතුම රට බේරගන්න නායකත්වය ගත් කෙනෙක් විදියට මං එතුමට විරුද්ධ වුණයි කියල වැඩක් තියෙනවයි.
එතුමට දේශපාලනය කරන්න හොඳ වටපිටාවක් කැළණියෙ තියෙනවද?
මට ඒ ගැන කතා කරන්න බෑ. පක්ෂක් ගත්ත තීන්දුවකට බස් ස්ටෑන්ඩ් එකේ කවි කොල කියවනව වගේ මට කතා කරන්න බැහැ.
Jun 30, 2016
ෆොන්සේකා කැළණියට ඒම ගැන මර්වින් කතාකරයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
