ඒකාබද්ධ විපක්ෂය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාගමනින් කොළඹට එද්දී, ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 'වියත් මග' සංවිධානයේ වැඩමුළුවක් සඳහා අනුරාධපුරයට ගොස් ඇත.
එම වැඩමුළුවට සහභාගිවීමට පෙර ඔහු අනුරාධපුරයේ දේවාලයකට ගොස් ආශිර්වාද ලබාගෙන තිබේ.
මේ අතර වමේ කේන්ද්‍රය පවසන්නේ, ඒකාබද්ධ විපක්‌ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාවේ යටි අරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රජ කරවීම බවයි.
එජාපයට සැකයක් :
ඒ අතර, අද 'සත්හඬ' පුවත්පත වාර්තා කර ඇත්තේ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දේශපාලන සම්බන්ධයක් ගොඩනැගීම පිටුපස චීනයේ CICIR (China Institutes of Contemporary International Relations) ආයතනය සිටිතැයි එජාප ප්‍රබලයින්ට බරපතළ සැකයක් මතුව ඇති බවයි.
එම කාරනා සම්බන්ධයෙන් කල විමසීමකදී, 'වියත් මග' සංවිධායකයකු පැවසුයේ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග කිසිඳු ආකාරයේ ගැටුමකට නොයාමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි.ඊට වඩා යමක් ප්‍රකාශ කිරීමට ඔහු මැලිවිය.
Jul 31, 2016
ගෝඨා 'වියත් මඟ' : මහින්ද මහ මඟ !
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
