එජාපය මැතිවරණයට සූදානම් - Neth News Blog

Aug 2, 2016

එජාපය මැතිවරණයට සූදානම්

ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණද මේ වන විට අවසන් කර තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.
“මහ ඡන්දය අවසන් වන විගසම මැතිවරණය තියයි කියලා අපි හිතුවේ. මොකක්හරි හේතුවක් නිසා ඒක කල් තබා තියෙනවා. ඒ මැතිවරණයට ඉල්ලන්න අපිට අයදුම්පත් 17000කට වැඩිය ලැබිලා තියෙනවා. ඒ 17000ම පරික්ෂා කරලා. සම්මුඛ පරීක්ෂණ තියලත් ඉවරයි.
සමාජිකත්වය හැම අවුරුද්දෙම අලුත් කරනවා. ඒ ව්‍යාපාරයත් රට හරහම ආරම්භ කරලා තියෙන්නේ. ඒකත් අපි ක්‍රමවත්ව දැන් කරගෙන යනවා. ඉතින් මැතිවරණයකට මුහුණ දෙන්න අපි ඕන වෙලාවක ලෑස්තියෙන් ඉන්නේ”.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඉකුත් දිනවල පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ දිනයක් මේ දක්වා ප‍්‍රකාශයට පත්කර නැහැ.