රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ ආශ්‍රිත තොරතුරු මේදිනවල පුවත් මවන සිද්ධි බවට පත්ව තිබේ.
මේ අතරින්, අද (15) දිනයේ ප්‍රධාන සිද්ධිය බවට පත්ව ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතකර සිටින නාමල් රාජපක්ෂ මහතාට නිදාගැනීමට රැඳවියන්ට සුපුරුදු පැදුර වෙනුවට මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය විසින් පියවර ගෙන තිබීමය.
තමන්ට නිදාගැනීම සඳහා මෙට්ටයක් ලබා දෙන්නැයි නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් සලකා බලා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් දෙන ලද නිර්දේශය මත මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතා යෝග ව්‍යායාම කරමින් අනික් රැඳවියන්ට ද උගන්වමින් සුවසේ මැගසින් බන්ධනාගාරයේ වෙසෙන බවට පළවූ පුවත් පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසූයේ එය මුළුමනින්ම අසත්‍යයක් බවයි.
රැඳවියන්ට යෝග ව්‍යායාම හෝ ශාරීරික අභ්‍යාස පුහුණුවක් ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මඟින් බවත්, තවත් එක් රැඳවියකු විසින් තවත් රැඳවියකුට වෙනත් යෝග පුහුණු හෝ කිසිදු පුහුණුවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිසිසේත් අවසර ලබා නොදෙන බවත් උපුල්දෙණිය මහතා කියයි.
නාමල් රාජපක්ෂ මහතා රැඳවියන්ට යෝග ව්‍යායාම උගන්වන්නේ යැයි විපක්ෂයේ එක්තරා දේශපාලනඥයකු පසුගියදා කළ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද උපුල්දෙණිය මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතාට මේ වන විට අවසර ලබා දී ඇත්තේ නිවසින් රැගෙන එන ආහාර ලබාගැනීමටත් ඔහුට බන්ධනාගාරයෙන් ලබාදෙන පැදුර වෙනුවට මෙට්ටයක් භාවිත කිරීම පමණක් යැයි ද උපුල්දෙණිය මහතා සඳහන් කරයි.
මැගසින් බන්ධනාගාරයේ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් රඳවා ඇති බැවින් නාමල් රාජපක්ෂ මහතා වෙනුෙවන් ජේලර්වරයෙකු ද යොදවා විශේෂ ආරක්ෂාවක් එම බන්ධනාගාරය තුළ ලබා දී ඇත.
මේ අතර ඊයේ (14) නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් වීමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, යෝෂිත සහ රෝහිත රාජපක්ෂ මහත්වරුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද, මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතාට සපයා ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ද ඊයේ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
යොහානාට ආර්මි කේස්
මේ අතර පෙරේදා යෝෂිත රාජපක්ෂ සිය සොහොයුරා බැලීමට මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණේ සිය පෙම්වතිය වන යොහානා රත්වත්තේ සමඟය.
ඇය ලොහාන් රත්වත්තේ මහතාගේ දියණිය මෙන්ම අනුරුද්ධ රත්වත්තේ මහතාගේ මිණිපිරියයි.
ඇය මැගසින් බන්ධනාගාරය වෙත ඇඳගෙන පැමිණ සිටි ඇඳුම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යජාල අතර දැඩි කතාබහක් නිර්මානය කර තිබේ.
ඇය ඇඳගෙන පැමිණි ඇඳුම යුධ හමුදා නිල ඇඳුමට සමාන වීම ඊට හේතුවයි. සාමන්‍ය පුද්ගලයෙකුට එවැනි ඇඳුමක් ඇඳිමට හැකියාව ඇති ද යන්න සම්බන්ධයෙන් මේ කතා බහ ඇති වී තිබේ.
ජොනීගේ ටියුෂන්
මේ අතර පසුගිය ඉරිදා, ලබන 28 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සැලැසුම් කිරීමේ රැස්වීම් ගණනාවක් තිබී ඇත.
ඒ අනුව, මිනුවන්ගොඩ සිට කෑගල්ලේ පැවැති රැස්වීමකට ජොන්ස්ටන් හා නාමල් පැමිණ ඇත්තේ එකම මෝටර් රථයේය.
ඒ ගමන අතරතුර නාමල්ව බන්ධනාගාරගත කළහොත් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ජොන්ස්ටන් විසින්ට නාමල්ට ලබාදුන් බවද පැවසේ.
Jul 15, 2016
නාමල්ට මෙට්ටයක් : යොහානාට ආර්මි කේස් : ජොනීගේ ටියුෂන්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
