කිසියම් ලෙසකින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එමගින් බරපතල අහිතකර බලපෑමක් ඇති වනු ඇති බව ජනමත විචාරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින ශ්‍රී ලාංකික මැති ඇමතිවරු පිරිසක් පවසති.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටීමේ අවශ්‍යතාවය එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවධාරණය කරමින් සිටින්නේ ඒ නිසා බවයි, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක කියා සිටියේය.
"අපි ඇවිල්ල තියෙන්නේ යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයෙන් ඉවත්වුනෝතින් ශ්‍රී ලංකාවට එයින් වන අවාසිය පිළිබඳව අපේ සම්භවයක් තියන ජන කොට්ඨාශ දැනුවත් කරන්න,"යැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කර ඇත.
"මේක ලංකාවට බලපාන්නේ කොහොමද කියන එක ගැන ඔවුන් අතර අදහසක් වත් තිබුණේ නෑ කියන එක තමයි අපට වැටහුනේ."
ඔවුන් දෙදෙනා හැරුණු විට සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආරාධනය පරිදි සංචාරයට එක් වී සිටිති.
සිය දූත ගමනේ අරමුණ පැහැදිලි කළ රෝසි සේනානායක හිටපු අමාත්‍යවරිය කියා සිටියේ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වුවොත් ආසියානු ආර්ථිකය තවත් කැළඹීමකට පත් වනු ඇතැයි යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ මතය බවයි.
"ලෝකේ බලගතුම ආර්ථිකය තියෙන්නේ යුරෝපා සංගමයේ. මේ බලගතු ආර්ථිකයෙන් මහා බ්‍රිතාන්‍යය එලියට පැමිණීමෙන් පමණින්ම විශාල ලෙස අපේ බඩට පහරක් වදිනවා," හිටපු අමාත්‍යවරිය සඳහන් කළාය.
කෙසේ නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් තමන්ට යහපතක් අත්වනු ඇති බව බ්‍රිතාන්‍යයේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ මතය වී තිබේ.
(බීබීසී සන්දේශය)
Jun 21, 2016
බ්‍රිතාන්‍ය ඡන්දය ගැන ශ්‍රී ලංකාව මෙතරම් උනන්දු ඇයි?
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
