නව ව්‍යවස්ථාවට අනුව තමන්ට ජනාධිපතිවරණයටකට තරග වැදීම වළක්වා ඇති නමුත්, ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයකදී අගමැති අපේක්‍ෂකයා ලෙස තරඟ කිරිමට තමන් අදහස් කර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජපාන සංචාරය අතරතුරදී එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර තිබේ.
දේශපාලඥයින් කිසිදා විශ‍්‍රාම නොයන බවද සඳහන් කර ඇති මහින්ද රාජපක්ෂ මහතා, තමන් ඩොලර් බිලියන 18ක් නොව එක ඩොලරයක් හෝ සොරකම් කලේ යයි ඔප්පු කලහොත් ගෙල සිඳ ගැනීමටද සූදානම් බව සදහන් කර තිබේ.
එන ඡන්දයට අලුත් පක්ෂයෙන් :
මේ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවත්වෙන දිනය නම් කිරීමෙන් පසු ඒ සඳහා තරග වදින ඒකාබද්ධ විපක්‌ෂයේ නව සන්ධානය ප්‍රකාශයට පත් කිරීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
මෙම නව සන්ධානයට දේශපාලන පක්‌ෂ රැසක් එක්‌වෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට නායකත්වය දෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවැසීය.
මේ දිනවල ජපානයේ සංචාරයක නිරතව සිටින මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නව දේශපාලන සන්ධානය පිහිටුවීම පිළිබඳව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියත වශයෙන්ම තම සන්ධානය ගොඩනඟන බවයි.
මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වය යටතේ ගොඩනඟන නව සන්ධානයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්‌ෂකයන් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව සිය සන්ධානයට එම මැතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් එම මන්ත්‍රීවරු එහිදී ප්‍රකාශ කර ඇත.
Jun 20, 2016
මහින්ද අගමැති තරඟයට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
