මහජනතාවගේ න්‍යාය පත‍්‍රය හැර වෙනත් න්‍යාය පත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
‘‘ජනවාරි 08 පැතූ යහපාලනය මේකද?’’ යන තේමාව ඔස්සේ කොළඹ මහජන පුස්තකාලයේ ඊයේ පැවති සමුළුවක් අමතමින් සරත් විජේසූරිය මහතා මේ බව කියා සිටියේය.
දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ හෝ පාට භේද නොසැලකිය යුතු යැයි ආණ්ඩුවට රතු එළි දල්වන බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසිය.
පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා මෙහිදී කියා සිටියේ දූෂිත පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීම ප‍්‍රමාද වීම පිළිබඳ තමන් කලකිරීමට පත්ව සිටින බවයි.
මේ අතර මෙම සමුළුව ආරම්භ කරන අවස්ථාවේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සිහි නොකළ බව පවසමින් කිහිප දෙනෙකු ඊට විරෝධය පළ කරමින් කලහකාරී ලෙස හැසිරුණ අතර, එහිදී අදහස් දැක්වූ කථිකයන් පෙන්වා දුන්නේ සෝභිත හිමියන්ට දක්වන සැබෑ ගෞරවය වන්නේ උන්වහන්සේ පැතූ සැබෑ යහපාලනය රට තුල ස්ථාපිත කිරීම බවයි.
අපවත් වී වදාළ පුජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට ගරු කිරීම විනාඩියකට සීමා නොකළ යුතු බවත් උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය ඇති කිරීමට කටයුතු කිරීම සහ ඒවෙනුවෙනන් කැපවීම උන්වහන්සේට දක්වම ලොකුම ගෞරවය වන බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා එහිදී පැවසීය.
Jun 22, 2016
ආණ්ඩුවට රතු එළියක්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
